රස තුනකින් කන්න මැජික් කස්ටර්ඩ් කේක්

මේ මැජික් කස්ටර්ඩ් කේක් එකේ තියන මැජික් එක තමයි කේක් එක බේක් වෙනකොට කේක් එක ලේයර්ස් තුනකට හැදෙනවා. මේ ලේයර්ස් තුන රස තුනක්. මේ ඔක්කොම රස එකට එකතු වෙලා හැදෙන මේ කේක් එක හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර - 04
  • බටර් - 120g
  • සීනි - 140g
  • වැනිලා - තේ හැඳි 01
  • දොඩම් ගෙඩි දෙකක ලෙලි (ග්‍රේට් කර ගත්ත)
  • පාන් පිටි - 130g
  • කිරි - 500ml

සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තර කහ මද ටිකයි සුදු මද ටිකයි වෙන් කර ගන්න.
  • බිත්තර කහ මද ටිකට සීනියි බටරුයි දාලා බීට් කර ගන්න.
  • දැන් මේකට දොඩම් ලෙලි ටික දාගන්න.
  • දැන් වැනිලා ටික එකතු කරන්න.
  • පිටි ටික ටික දදා බීට් කරන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ කිරි ටික දාගන්න.
  • දැන් වෙනමම බෝල් එකක බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න.
  • බීට් කර ගත්ත බිත්තර සුදු මද ටික බැටර් එකත් එක්ක කලවම් කර ගන්න.
  • දැන් මේ කේක් එක බේකින් පෑන් එකකට දාලා 150° C ක් උෂ්ණත්වයක විනාඩි 80ක් 90ක් විතර බේක් කර ගන්න.
  • බේක් උනාට පස්සේ කේක් එක හොඳට නිමෙන්න තියලා කේක් එක සෙට් වෙනකන් පැය 02ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
Magic Custard Cake
Magic Custard Cake
Magic Custard Cake

Contact DailyLife.lk

or drop an E-Mail to