කටට සැරට ලුණු මිරිස්

ලුණු මිරිස් ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය හා රසවත් ආහාරයක්. ඔබත් සැරට කන්න කැමති කෙනෙක් නම් ඔබේ ආහාර වේලේ නිතරම දකින්න පුළුවන් දෙයක් තමයි ලුණු මිරිස්. අපිට උණ ගැනිලා කන්න බැරුව කට අප්පිරියාවෙන් ඉන්න වෙලාවටත් අපේ අම්මලා කරන්නේ ලුණුමිරිසක් හදලා දෙන එක . ආප්ප, බිත්තර ආප්ප , පොල් රොටි , කිරිබත් වගේ ආහාර එක්ක මෙය කදිමට ගැලපෙනවා. මතක් වෙනකොටත් ඔයාලගේ කටට කෙල උනනවා ඇති නේද?

මේ සඳහා අවශ්‍ය කරන්නේ:

  • කෑලි මිරිස් 100 g
  • රතු ළූණු 100 g
  • උම්බලකඩ මේස හැඳි 1 ½ (අවශ්‍යනම්)
  • දෙහි යුෂ තේ හැඳි ½
  • රස අනුව ලුණු

සාදන ආකාරය:

  • ලූණු සුද්ද කර පසෙකින් තබාගන්න.
  • කෑලි මිරිස් ටික අඹරා ගන්න.
  • කුඩා වංගෙඩියක් මෝල්ගහක් ගෙන එයට රතු ලූනු දමා කොටා ගන්න.
  • වංගෙඩිය තුළට කෑලි මිරිස් , ලුණු කුඩු දමා කොටා ගන්න.
  • පේස්ට් එකක් ආකාරයට සැදුනු පසු මෙය දීසියකට දමා දෙහි යුෂ දමා ගන්න.
  • රස බලා අවශ්‍ය නම් ලුණු සහ දෙහි යුෂ එකතු කරන්න.
  • රසය වැඩි කිරීම සඳහා මෙම මිශ්‍රණයට උම්බලකඩ කුඩු හා තක්කාලි කැබලි කීපයක් මිශ්‍ර කරන්න.
  • ශීතකරණයක තබා ගෙන දවස් දෙක තුනක් ඔබට මෙය ආහාරයට ගැනීමට හැකියාව තිබෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to