වැලන්ටයින් එකට ලව් කේක්

ලව් කේක් කියන්නේ ලංකාවටම ආවේණික උන ගොඩක් උත්සව වලදී හදන කේක් එකක්. මේ කේක් එක හදන්නේ පිටි දාන්නේ නැතුව රුලං වලින්. තෙත ගතියට රසට තියන මේ ලව් කේක් එක මේ පාර වැලන්ටයින් එකට ඔයාලත් හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් - 130g
  • රුලං - 200g
  • සීනි - 280g
  • කජු - 150g
  • බිත්තර කහ මද - 06
  • බිත්තර සුදු මද - 05
  • මී පැණි - මේස හැඳි 02
  • ලෙමන් ගෙඩියක පොතු
  • කරදමුංගු - 03
  • සාදික්කා - 1/2
  • කුරුදු පොතු
  • රෝස වතුර - මේස හැඳි 02
  • වැනිලා - තේ හැඳි 01
  • පුහුල් දෝසි - 150g

සාදන ක්‍රමය:

  • කරදමුංගු,කරාබු නැටි, සාදික්කා ටිකක් බැදගෙන හොඳට කුඩු කර ගන්න.
  • රුලං ටිකත් පොඩ්ඩක් බැද ගන්න. මේ රුලං ටික ගොඩක් වෙලා බදින්න ඕනේ නෑ. යන්තම් රුලං සුවද එනකන් බැද ගත්තහම ඇති. රුලං ටික බැද ගත්තාට පස්සේ හොඳට නිමෙන්න තියන්න.
  • දැන් කජු ටිකත් ටිකක් බැදගෙන පොඩි කෑලි හිටින්න කුඩු කර ගන්න.
  • රුලං ටිකයි බටර් ටිකයි එකට දාලා හොඳට කලවම් කර ගන්න. කලවම් කර ගත්තාට පස්සේ රුලං ටික මේ විදිහටම පැය 1/2ක් විතර තියලා තියන්න. එතකොට රුලං ටිකට බටර් ටික හොඳට උරා ගෙන රුලං ටික හොඳට මෘදු වෙලා එනවා.
  • බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න.
  • බිත්තර කහ මද ටිකට සීනි දාලා ඒ ටික ලා පාට වෙලා ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න.
  • දැන් මේකට වැනිලා, මී පැණි, කුඩු කර ගත්ත කරදමුංගු කරාබු නැටි සාදික්කා ටික, ලෙමන් පොතු ටික හා රෝස වතුර ටික එකතු කරන්න.
  • ඊළගට කලින් බටර් ටිකත් එක්ක කලවම් කර ගත්ත රුලං ටික දා ගන්න.
  • දැන් කජු ටිකයි, පොඩියට කපා ගත්ත පුහුල් දෝසි ටිකයි දා ගන්න.
  • අන්තිමට බිත්තර සුදු මද ටික එකතු කරලා ලාවට කලවම් කරන්න.
  • දැන් මේ මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාලා 160C කට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 50ක් පැයක් විතර බෙක් කර ගන්න. විනාඩි 35කට විතර පස්සේ කේක් එකේ උඩ ෆොඉල් එකකින් වහන්න. එතකොට කේක් එකේ උඩ වැඩිපුර හයිය වෙන්නේ, පැලෙන්නේ නැතුව කේක් එක බේක් කර ගන්න පුළුවන්.
  • මේ ලව් කේක් එක හොඳ තෙත ගතියට තියන රසම රස කේක් එකක්.
Sri Lankan Love Cake
Sri Lankan Love Cake
Piece of Love Cake
Sri Lankan Love Cake

Contact DailyLife.lk

or drop an E-Mail to