ඉක්මනින් රසට හදන්න කම්මැලි බතක්

ඔයාලට උයන්න කම්මැලි හිතුන දාට රයිස් කුකර් එකේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් බතක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සෝදාගත්ත හාල් - 350g
  • සුදුරු - තේ හැඳි 1/4
  • කරාබු නැටි - 03
  • කරදමුංගු - 02
  • කුරුදු පොතු - අඟලක කෑල්ලක්
  • පොල් තෙල් - මේස හැඳි 03
  • ලොකු ළුණු - 01
  • තලාගත්ත ඉඟුරු - අඟලක කෑල්ලක්
  • තලාගත්ත සුදු ළුණු - බික් 03-04
  • රම්පේ
  • කරපිංචා
  • රට කජු / කජු - මේස හැඳි 01
  • සොසේජස් - 04
  • කැරට් - 01
  • ලොකු අල ගෙඩි - 01
  • ගෝවා කොළ - 03
  • ලීක්ස්
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • තුනපහ කුඩු - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 01
  • තක්කාලි - 01
  • අමු මිරිස් - 02
  • වතුර
  • සාදන ක්‍රමය:

    • මුලින්ම රයිස් කුකර් එකේ පෑන් එකටම තෙල් ටික දාලා රත් කරගෙන ඒකට සුදුරුයි, කරදමුන්ගුයි, කරාබු නැටියි, කුරුදු පොතු ටිකයි දාලා ටිකක් වෙලා බැද ගන්න.
    • ඒකටම කපාගත්ත ළුණු ටික දාගන්න. ළුණු ටික තෙම්පරාදු වෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ළුණු ටිකයි, රම්පේ කරපිංචා ටිකයි දා ගන්න.
    • දැන් කපා ගත්ත කජු ටිකයි, හීනියට කපා ගත්ත සොසේජස් ටිකයි දා ගන්න.
    • කජුයි, සොසේජස් ටිකයි විනාඩි 3-4 විතර තෙලේ බැදගෙන කපා ගත්ත අලයි, එළවලු ටිකයි, අමු මිරිසුයි දා ගන්න. මේකට ඔයාලා කැමති විදිහට කැමති එළවලු වර්ගයක් දා ගන්න.
    • එළවලු ටික විනාඩි 3ක් විතර තෙම්පරාදු උනහම අපි මේකට කපා ගත්ත තක්කාලි ටිකත් එකතු කර ගන්න.
    • ඊළගට කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, ලුනු ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
    • දැන් මේකට සෝදා ගත්ත හාල් ටික දාගන්න. මේ රයිස් එකට අරගෙන තියෙන්නේ කීරි සම්බා.
    • හාල් ටික එළවලු මිශ්‍රනයත් එක්ක හොඳට කලවම් කරලා හාල් ටික ඉදෙන්න ඇති ප්‍රමාණයට වතුර දාලා මේ බත් එක රයිස් කුකර් එකේ උයා ගන්න.
    Easy Rice in Rice Cooker
    Easy Rice in Rice Cooker
    Easy Rice in Rice Cooker
    Easy Rice in Rice Cooker
    Easy Rice in Rice Cooker

    Contact DailyLife.lk

    or drop an E-Mail to