ඉක්මනින් රසට හදන්න කම්මැලි බතක්
ඔයාලට උයන්න කම්මැලි හිතුන දාට රයිස් කුකර් එකේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් බතක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
- මුලින්ම රයිස් කුකර් එකේ පෑන් එකටම තෙල් ටික දාලා රත් කරගෙන ඒකට සුදුරුයි, කරදමුන්ගුයි, කරාබු නැටියි, කුරුදු පොතු ටිකයි දාලා ටිකක් වෙලා බැද ගන්න.
- ඒකටම කපාගත්ත ළුණු ටික දාගන්න. ළුණු ටික තෙම්පරාදු වෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ළුණු ටිකයි, රම්පේ කරපිංචා ටිකයි දා ගන්න.
- දැන් කපා ගත්ත කජු ටිකයි, හීනියට කපා ගත්ත සොසේජස් ටිකයි දා ගන්න.
- කජුයි, සොසේජස් ටිකයි විනාඩි 3-4 විතර තෙලේ බැදගෙන කපා ගත්ත අලයි, එළවලු ටිකයි, අමු මිරිසුයි දා ගන්න. මේකට ඔයාලා කැමති විදිහට කැමති එළවලු වර්ගයක් දා ගන්න.
- එළවලු ටික විනාඩි 3ක් විතර තෙම්පරාදු උනහම අපි මේකට කපා ගත්ත තක්කාලි ටිකත් එකතු කර ගන්න.
- ඊළගට කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, ලුනු ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
- දැන් මේකට සෝදා ගත්ත හාල් ටික දාගන්න. මේ රයිස් එකට අරගෙන තියෙන්නේ කීරි සම්බා.
- හාල් ටික එළවලු මිශ්‍රනයත් එක්ක හොඳට කලවම් කරලා හාල් ටික ඉදෙන්න ඇති ප්‍රමාණයට වතුර දාලා මේ බත් එක රයිස් කුකර් එකේ උයා ගන්න.