ලොකු පොඩි කාටත් ගුණ දායක කුරක්කන් කැඳ

කුරක්කන් වල තියන පෝෂණ ගුණය නිසාම ගොඩක් රටවල් වල කුරක්කන් හරිම ප්‍රසිද්ධ කෑමක්. කුරක්කන් අපිට නිරෝගීව ඉන්න විවිධ ආකාරයෙන් උදවු වෙනවා. අස්ථි ශක්තිමත් කරන්න, ශරීරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කරන්න වගේම අපේ ලේ වල තියන සීනි ප්‍රමාණය අඩු කරන්නත් කුරක්කන් වලට පුළුවන්. ඒ විතරක් නෙමේ කුරක්කන් කියන්නේ නිර්මාංශ අයට ප්‍රෝටීන් බහුලව ලබා ගන්න පුළුවන් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුරක්කන් පිටි - මේස හැඳි 2 1/2
  • හකුරු / සීනි
  • කරදමුංගු - 03
  • උකු පොල් කිරි - කෝප්ප 2 1/2
  • තලා ගත්ත සුදු ළුණු - බික් 04
  • කැකුළු හාල් - මේස හැඳි 01
  • දිය පොල් කිරි - කෝප්ප 02
  • රස පදමට ලුනු

සාදන ක්‍රමය:

  • මුලින්ම කුරක්කන් කැඳ එකට දාන කැකුළු හාල් ටික පැය 05ක් 06ක් විතර වතුරේ පොගවාගෙන ඒ ටික හොඳට පොඩි කර ගන්න ඕනේ. ඔයාලා උදේකට වගේ මේ කැඳ එක හදනවානම් කලින් දවසේ රෑ මේ ටික පොගන්න දාන්න.
  • ඊළගට කුරක්කන් පිටි ටික දිය පොල් කිරි ටිකත් එක්ක දිය කර ගන්න. ඔයාලට මේ ටික වතුර එක්ක දිය කර ගන්නත් පුළුවන්.
  • දැන් මේ දිය කර ගත්ත කුරක්කන් ටික පෑන් එකකට දාලා මද ගින්දරේ දිගටම හැඳි ගාන ගමන් කුරක්කන් ටික හොඳට ඉදෙනකන් උයා ගන්න.
  • කුරක්කන් ටික හොඳට ඉදුනාට පස්සේ මේකට පොඩි කර ගත්ත හාල් ටිකයි ඉතුරු පොල් කිරි ටිකයි දා ගන්න. හාල් ටික මේ විදිහට පොඩි කරන්නේ නැතුව දානවනම් එහෙම හාල් ටික කැඳ එකට දාන්න කලින් හාල් ටික හොඳට උයා ගන්න.
  • දැන් ලුනුයි, කරදමුන්ගුයි, තලා ගත්ත සුදු ලුනුයි දා ගන්න.
  • ඊළගට ග්‍රේට් කර ගත්ත හකුරු ටිකක් හරි සීනි ටිකක් හරි දාලා පොල් කිරි ටික ඉදෙනකන් උයා ගන්න.
  • පොල් කිරි ටික හොඳට ඉදුනහම කැඳ එක ගොඩක් උකු කර ගන්නේ නැතුව බොන්න පුළුවන් ගානට තියෙද්දී ලිපෙන් බා ගන්න.
  • මේ කැඳ එකත් අපි රස්නේ තියෙද්දීම තමයි බොන්න ඕනේ. නැත්නම් එහෙම මේ කැඳ එක ඉදෙනකොට උකු වෙනවා. අනිත් දේ තමයි ඔයාලා කැමති නම් මේකට ලිපේ තියෙද්දී හකුරු / සීනි දාන්නේ නැතුව කැඳ එක බොනකොට හකුරු කෑල්ලක් එක්ක හරි සීනි ටිකක් එක්ක හරි බොන්න පුළුවන්.
Finger Millet Porridge
Finger Millet Porridge
Finger Millet Porridge
Finger Millet Porridge

Contact DailyLife.lk

or drop an E-Mail to