කොකිස්

සිංහල හා හින්දු අලුත් අවුරුදු කෑම මේසේ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් කෑමක් තමයි කොකිස් කියන්නේ. ලොකු කුඩා කොයි කවුරුත් අතර වුනත් කොකිස් හරිම ජනප්‍රියයි. කර කර ගා හැපෙන කොකිස් එකක් කන්න තියනවනං කොහොමද? අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා හරි පදමට පිටි මිශ්‍රනය අනා ගත්තොත් හදන එක හරිම පහසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් පිටි 500g
  • උකු පොල් කිරි කෝප්ප 02-( මේ සඳහා වියළි පොල් වඩාත් සුදුසු වෙනවා)
  • බිත්තර – 01
  • කහ කුඩු – ½ tsp
  • ලුණු – 01 TSP
  • කොකිස් බැදීම සඳහා තෙල්
  • කහ කුඩු - ½ tsp (Optional)

සාදන ක්‍රමය

  • මිටි කිරි ටිකට බිත්තරයක් කඩලා දාලා හොඳට කලවම් කරගන්න.
  • බිත්තරය සමග හොඳට කලවම් වුණාට පස්සේ ලුණු ටිකක් දාන්න. ඔබ කැමතිනම් මේ මිශ්‍රණයටම කහ කුඩු ටිකකුත් දාන්න.
  • ඔයාලට අවශ්‍ය නම් තවත් බිත්තරයක් මෙම මිශ්‍රණයට කඩල දාන්නත් පුළුවන්. එතකොට අතිරේක රසයක් එකතු වෙනවා.
  • සාදා ගත් පොල් කිරි මිශ්‍රණය ටිකෙන් ටික පිටි මිශ්‍රණයට එකතු කරමින් හොඳින් අනාගන්න. හොඳින් මතක තබාගන්න පොල් කිරි මිශ්‍රණය පිටි මිශ්‍රණයට එකපාර දමන්න එපා. ටිකෙන් ටික දමා ගනිමින් හොඳින් අනන්න.
  • තාච්චියක් ගෙන එය ලිප තබා තෙල් දමා රත් වෙන්නට හරින්න. රත් වූ තෙලේ කොකිස් අච්චුව විනාඩි 5ක් පමණ දමා තබන්න.
  • කොකිස් අච්චුව සාදාගත් පිටි මිශ්‍රණයට දමා ( අච්චුව සම්පූර්ණයෙන් නොවැසෙන සේ) තෙල් තාච්චියෙන් තියන්න.
  • මෙහිදී කිසිම විටක අච්චුව තෙල් තාච්චියේ අඩියේ ගාවන්න එපා. එහෙම වුණහම කොකිස් වල අඩිය පැතලි වෙලා කැතට පේනවා.
  • කොකිස් එක අච්චුවෙන් ගැලවෙන්න හදන බව පෙනෙන විට තෙල් කූරක් ගෙන එය අච්චුවෙන් ඉවත් කරන්න.
  • මේ ආකාරයට කොකිස් දෙක තුනක් උයලා බලන්න. එවිට ඔබට අඩුපාඩු දැනගන්න පුලුවන් වෙනවා. කොකිස් වල ඝනකම වැඩි නම් තව පොල්කිරි ටිකක් එකතු කරන්න. ලුණු රසය මදි නම් ලුණු ද එකතු කරන්න. අච්චුවෙන් ගැලවෙනවා අඩු නම් තව බිත්තරයක් එකතු කරන්න.
  • රන්වන් පාටට කොකිස් බැදෙන විට තාච්චියෙන් ඉවතට ගන්න.
  • මේ ආකාරයට සියලුම කොකිස් බැදගන්න.

මතකය තබා ගත යුතු කරුණු කිහිපයක්:

  • කොකිස් හදන අතරතුර පිටි මිශ්‍රනය වරින්වර කලවම් කරන්න.
  • අච්චුවේ පිටි මිශ්‍රනය තැවරෙන්නේ නැත්නම් ඒ කියන්නේ අච්චුව රත්වෙලා වැඩියි. ටිකක් නිවෙන්න තියලා නැවත පිටි මිශ්‍රණයට දාන්න.
  • තෙල් තාච්චියට අච්චුව දැමූ සැණින් ඔසවන්න එපා. එවිට කොකිස් වල හැඩය වෙනස් වෙනවා.
Kokis
Kokis
Kokis on Banana Leaf
Kokis with the mould
රට ඉදි අළුවා / රට ඉදි ටොෆී

රට ඉදි අළුවා / රට ඉදි ටොෆී

Fri, 17th Mar 2023
ටින් කිරි වලින් චොක්ලට් බ්‍රවුනිස්

ටින් කිරි වලින් චොක්ලට් බ්‍රවුනිස්

Wed, 15th Mar 2023
කන්න කන්න ආසා හිතෙන ෆ්‍රෙන්ච් චොක්ලට් මැකරෝන්ස්

කන්න කන්න ආසා හිතෙන ෆ්‍රෙන්ච් චොක්ලට් මැකරෝන්ස්

Thu, 2nd Mar 2023
දැක්ක ගමන් කන්න හිතෙන බ්ලැක් ෆොරස්ට් කේක්

දැක්ක ගමන් කන්න හිතෙන බ්ලැක් ෆොරස්ට් කේක්

Tue, 21st Feb 2023
රසට ගුණට කඩල සැලඩ්

රසට ගුණට කඩල සැලඩ්

Wed, 8th Feb 2023
බ්ලූබෙරි දාලා හදන රසම කේක් එක

බ්ලූබෙරි දාලා හදන රසම කේක් එක

Wed, 18th Jan 2023
උදේකට රෑකට ඉක්මනින් හදා ගන්න දඩි බිඩි කෑමක්

උදේකට රෑකට ඉක්මනින් හදා ගන්න දඩි බිඩි කෑමක්

Mon, 9th Jan 2023
අන්තිම මොහොතේ හදා ගන්න දඩි බිඩි නත්තල් කේක් එක

අන්තිම මොහොතේ හදා ගන්න දඩි බිඩි නත්තල් කේක් එක

Thu, 22nd Dec 2022

Contact DailyLife.lk

or drop an E-Mail to