ගමේ රසට කොහිල දළු උයමු

ගමේ රසට කෑම කන්න අපි කවුරුත් කැමතියිනේ. ඔන්න එහෙනම් ඔයාලට රසම රස කොහිල දළු ටිකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොහිල දළු - 350g
  • සියඹලා - 02
  • ලුනු - තේ හැඳි 02
  • මිරිස් කුඩු - තේ හැඳි 02
  • උළු හාල් - තේ හැඳි 1/2
  • තුන පහ කුඩු - තේ හැඳි 02
  • රතු ලුණු - 08-10
  • අමු මිරිස් - 02
  • කරපිංචා
  • උකු පොල් - කිරි කෝප්ප 01
  • කහ කුඩු - තේ හැඳි ½

සාදන ක්‍රමය:

  • මුලින්ම කොහිල දළු වල තියන කටු ටික සුද්ද කරලා මේ ටික හොඳට සෝදා ගන්න.
  • ඊළගට මේ දළු ටික පොඩි කෑලි වලට කඩා ගන්න. කොහිල දළු අර ගනිද්දී හොඳ ලපටි දළු ටිකක් තෝරා ගන්න. මෝරපු කොහිල ගත්තොත් එහෙම හයිය වැඩි නිසා කන්න අමාරුයි.
  • දැන් මේකට ලුණුයි, අමු මිරිසුයි, කරපින්චයි දාගන්න.
  • ඊළගට ඉතුරු ද්‍රව්‍ය ටිකත් දාගෙන මේ ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේ කොහිල දළු ටික හොඳට ඉදෙනකන් විනාඩි 10-15ක් විතර උයා ගන්න.
  • මේ කොහිල දළු ටිකට පරිප්පු ටිකක්, හාල්මැස්සෝ ටිකක් එහෙම දාලා තවත් මේක රසවත් කර ගන්න පුළුවන්.
Kohila (Lasia) Dalu Curry
Kohila (Lasia) Dalu Curry
Kohila (Lasia) Dalu Curry

Contact DailyLife.lk

or drop an E-Mail to