ගමේ රසට කොහිල දළු උයමු
ගමේ රසට කෑම කන්න අපි කවුරුත් කැමතියිනේ. ඔන්න එහෙනම් ඔයාලට රසම රස කොහිල දළු ටිකක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කොහිල දළු - 350g
- සියඹලා - 02
- ලුනු - තේ හැඳි 02
- මිරිස් කුඩු - තේ හැඳි 02
- උළු හාල් - තේ හැඳි 1/2
- තුන පහ කුඩු - තේ හැඳි 02
- රතු ලුණු - 08-10
- අමු මිරිස් - 02
- කරපිංචා
- උකු පොල් - කිරි කෝප්ප 01
- කහ කුඩු - තේ හැඳි ½
සාදන ක්‍රමය:
- මුලින්ම කොහිල දළු වල තියන කටු ටික සුද්ද කරලා මේ ටික හොඳට සෝදා ගන්න.
- ඊළගට මේ දළු ටික පොඩි කෑලි වලට කඩා ගන්න. කොහිල දළු අර ගනිද්දී හොඳ ලපටි දළු ටිකක් තෝරා ගන්න. මෝරපු කොහිල ගත්තොත් එහෙම හයිය වැඩි නිසා කන්න අමාරුයි.
- දැන් මේකට ලුණුයි, අමු මිරිසුයි, කරපින්චයි දාගන්න.
- ඊළගට ඉතුරු ද්‍රව්‍ය ටිකත් දාගෙන මේ ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්න.
- දැන් මේ කොහිල දළු ටික හොඳට ඉදෙනකන් විනාඩි 10-15ක් විතර උයා ගන්න.
- මේ කොහිල දළු ටිකට පරිප්පු ටිකක්, හාල්මැස්සෝ ටිකක් එහෙම දාලා තවත් මේක රසවත් කර ගන්න පුළුවන්.