කතුරුමුරුංගා මල් කිරට උයමු
නොවැම්බර් දෙසැම්බර් වගේ මාස වලදී හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් දෙයක් තමයි කතුරුමුරුංගා මල්. මේ කාලෙට හැම කතුරුමුරුංගා ගහකම වගේ මල් පිපෙනවා. කතුරුමුරුංගා මල් කිරට උයා ගත්තහමත් හරිම රසයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කතුරුමුරුංගා මල් - 250g
- උකු පොල් කිරි කෝප්ප - 1/2
- රතු ළුණු - 50g
- තුන පහ තේ හැඳි - 01
- කහ තේ හැඳි - 1/2
- සුදු ළුණු බික් - 02
- අමු මිරිස් කරල් - 02
- කරපිංචා
- ලුනු තේ හැඳි - 1/2
- කුරුදු පොතු කීපයක්
- උළු හාල් තේ හැඳි - 1/2
- මිරිස් කුඩු තේ හැඳි - 1/2
සාදන ක්‍රමය:
- කතුරුමුරුංගා මල් ටික හොඳට සුද්ද කර ගන්න. කතුරුමුරුංගා මල් සුද්ද කර ගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම මලේ දෙපැත්තේ තියන සුදු පාට කොටස ගලවලා අර ගන්න. ඊට පස්සේ නටුව වගේ එක ඇතුලේ තියන කොළ පාට කොටස ගලවලා අයින් කරන්න. මේ කෑල්ල ඉතුරු උනොත් එහෙම මේ කරි එක තිත්ත රස වෙනවා.
- ඒ වගේම තමයි මේ මල් අස්සේ හරියට පොඩි පණුවෝ, පණු බිත්තර එහෙම තියනවා. ඒක හින්දා මල් ටික සුද්ද කර ගත්තට පස්සේ මේ ටික හොඳට සෝදා ගන්න.
- දැන් කපා ගත්ත සුදු ලුණුයි, රතු ලුණුයි, කරපින්චයි, අමු මිරිසුයි ඇතිලියකට දා ගන්න.
- පොල් කිරි ටික ඇර ඉතුරු තුනපහ ටික ඔක්කොම දාලා හොඳට කලවම් කර ගන්න.
- දැන් පොල් කිරි ටිකත් දාලා ටිකක් කලවම් කර ගන්න.
- ඇතිලිය ලිපේ තියලා පොල් කිරි ටික ඉදෙනකන් උයා ගන්න.
- පොල් කිරි ටික හොඳට ඉදුනාට පස්සේ කතුරුමුරුංගා මල් ටික දාලා කලවම් කර ගන්න.
- දැන් කිරි ගතිය ටිකක් හිදෙනකන් මේ මල් ටික මද ගින්දරේ උයා ගන්න.
Other kitchen articles

ඉක්මනින් හදන්න බිත්තර ෆ්‍රයිඩ් රයිස්
Wed, 20th Jan 2021
කඩල මිශ්‍ර අල කරිය
Sun, 10th Jan 2021
අලුත් අවුරුද්දට ඉඹුල් කිරිබත්
Thu, 31st Dec 2020
චොක්ලට් වැනිලා කුකීස්
Thu, 24th Dec 2020
බේක් කරපු ඩෝනට්
Thu, 17th Dec 2020
බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්
Fri, 11th Dec 2020
නත්තල් කෑම මේසේ ලස්සන වෙන්න රසම රස කේක් එකක්
Fri, 4th Dec 2020