කතුරුමුරුංගා කොළ මැල්ලුම

සමබර ආහාර වේලකට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි කොළ මැල්ලුමක් කියන්නේ. මේ අතරිනුත් කතුරුමුරුංගා කොළ විශේෂ තැනක් ගන්නවා. ඒ එහි ඇති විශේෂ ගුණය නිසාමයි. අධික වැහි කාලයක වුණත් අපට ආහාරයට ගන්න පුලුවන් මැල්ලුමක් තමයි කතුරුමුරුංගා කියන්නේ. කතුරුමුරුංගා කොළ විවිධාකාරයට හදනවා. ඒ අතරින් ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ කතුරුමුරුංගා කොළ මැල්ලුම.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කතුරුමුරුංගා කොළ 100g
  • අමු මිරිස් කරල් 2- 3
  • රතු ළූණු
  • ගාගත් පොල් කෝප්ප ½
  • කහ කුඩු තේ හැඳි ¼
  • ලුණු කුඩු රස අනුව

සාදන ආකාරය:

  • හොඳින් සෝදා වියළා ගත් කතුරුමුරුංගා කොළ සිහින්ව කපාගන්න.
  • සිහින් ව ලියා ගත් කතුරුමුරුංගා කොළ සමඟ අනෙකුත් ද්‍රව්‍යයන් සියල්ල කලවම් කරන්න.
  • සෝස් පෑන් එකට දමා විනාඩි 2 - 3 මදගින්නේ පිසගන්න.
  • හොඳින් මතක තබාගත යුතු දෙයක් තමයි වැඩි වේලාවක් මැල්ලුම් ලිපේ තබා රත් කරන්න එපා. එහෙම වුණොත් එහි ඇති කොළ පැහැය සහ පෝෂදායී කොටස් විනාශ වී යනවා.
  • විනාඩි දෙක තුනකට පසුව ලිප නිවා දමන්න. සෝස් පෑන් එකේ රස්නයට මැල්ලුම ගානට හරි යනවා.
  • ඔබේ ආහාර වේලටත් කතුරුමුරුංගා කොළ එකතු කරගෙන බලන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to