අලුත් අවුරුද්දට නැතුවම බැරි කළු දොදොල්

ඈත අතීතයේ ඉදන්ම කළු දොදොල් කියන්නේ අවුරුදු කෑම මේසේ අනිවාර්ය කෑමක්. පොල් කිරි , හකුරු, හාල් පිටි එකතු වෙලා හැදුනු මේ රසම රස කළු දොදොල් අපේ රටටම ආවේනික දෙයක්. කළු දොදොල් හදන එක හරිම අමාරු වැඩක් නෙමේ. හැබැයි මේ කළු දොදොල් මිශ්‍රණය ගොඩක් වෙලා හැඳි ගාන්න ඕනේ. අපි අද අරන් තියන මේ ප්‍රමාණ වලින් කළු දොදොල් 2 1/2 kg ක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුදු කැකුළු හාල් පිටි - 350g
  • උකු පොල් කිරි - 3L
  • හකුරු - 900g
  • දුඹුරු සීනි - 250g
  • කුඩු කර ගත්ත කරදමුංගු - 12
  • කජු - 200g
  • ලුනු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • කජු ටික පොඩි කෑලි වලට කපා ගෙන හකුරු ටිකත් ග්‍රේට් කර ගන්න.
  • කොටා ගත්ත කැකුළු හාල් ටික හොඳට හලා ගන්න. පොල් කිරි 500ml ක් විතර ඉතුරු කර ගෙන ඉතුරු පොල් කිරි ටිකට හලා ගත්ත හාල් පිටි ටික දාලා හොඳට දිය කර ගන්න. මේ දොදොල් එකට පොල් ගනිද්දී හොඳට වේලුනු පොල් අර ගන්න. වේලුනු පොල් වල හොඳට කිරි තියනවා.
  • හාල් පිටි ටික පොල් කිරිත් එක්ක දිය කර ගත්තාට පස්සේ මේ ටික හොඳට පෙරා ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් දිය උනේ නැති පිටි කෑලි අයින් කර ගන්න.
  • කලින් අයින් කර ගත්ත පොල් කිරි 500ml ට හකුරු ටික දාලා හොඳට අතින් දිය කර ගන්න. හකුරු පොඩි කෑලි ඉතුරු උනාට කමක් නෑ. හැබැයි ලොකු කෑලි ටික ඔක්කොම හොඳට දිය කර ගන්න.
  • ඊළගට මේ දිය කර ගත්ත හකුරු එකට සීනි ටික දාලා දිය කර ගන්න. දැන් මේ තාච්චිය ලිපේ තියලා ඉතුරු උන හකුරු කෑලි ටිකයි සීනි ටිකයි හොඳට දිය වෙනකන් මද ගින්දරේ හැඳි ගාන්න ඕනේ.
  • දිය කර ගත්ත හාල් පිටි ටික මේ හකුරු එකට දා ගන්න. මේ වෙලාව වෙනකොට හාල් පිටි ටික මේ භාජනේ යටට බැහැලා තියෙන්නේ. ඒක හින්දා මේක තාච්චියට දාන්න කලින් හොඳට අඩිය කලවම් කරලා අර ගන්න.
  • ලුනුයි, කුඩු කර ගත්ත කරදමුන්ගුයි මේ මිශ්‍රනයටම දා ගන්න.
  • ලිපේ ගින්දර මද්‍යම ප්‍රමාණයට වැඩි කරලා දොදොල් මිශ්‍රණය දිගටම හැඳි ගාන්න. එක දිගටම හැඳි ගෑවේ නැත්නම් එහෙම මේක අඩිය අල්ලනවා. ඒක හින්දා හැඳි ගාද්දී තාච්චියේ අඩිය හූර හූර හැඳි ගාන්න.
  • දොදොල් මිශ්‍රණය ලිපේ තියලා පැය භාගයක් විතර යනකොට මිශ්‍රණය හොඳට උණු වෙලා බුබුළු දාන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ඔයාලා පොඩ්ඩක් ඈතට වෙලා හැඳි ගාන්න. මොකද මේ බුබුළු පුපුරලා ඇගට විසි වෙන්න පුළුවන්.
  • දොදොල් එක හොඳට ඝන වෙලා තාච්චිය වටේ ඇලෙන්නේ නැති මට්ටමට එනකොට කපා ගත්ත කජු ටික දා ගන්න. මේ වෙලාව වෙනකොට දොදොල් එකෙන් තෙල් උනන්න පටන් ගන්නවා. දොදොල් එකේ වැඩිපුර උනන තෙල් ටික තාච්චිය හෙමින් සැරේ ඇල කරලා හැන්දකින් අයින් කර ගන්න.
  • දොදොල් එක හොඳට ඝන වෙලා ගුලියක් වගේ උනහම තච්චියෙන් අයින් කරලා තැටියකට දා ගන්න. මේ වෙලාව වෙනකොට මේ දොදොල් එක හරිම ඝනකම්. හැඳි ගාන්නත් හරිම අමාරුයි.
  • දැන් මේ දොදොල් එක හොඳට නිමෙනකන් තියලා තියන්න ඕනේ. ඒකට පැය 06ක් 07ක් විතර යනවා. දොදොල් එක හොඳට නිමුනාට පස්සේ දොදොල් එක තැටියෙන් අයින් කරලා කෑලි වලට කපා ගන්න.
Chopped Cashew
Grated Jaggery
Close up view of Kalu Dodol
Kalu Dodol before cutting
Kalu Dodol
Kalu Dodol
Piece of Kalu Dodol
Kalu Dodol
Kalu Dodol
Kalu Dodol

Contact DailyLife.lk

or drop an E-Mail to