Jumbo Prawns කිරට හදමු

ඉස්සෝ කියන්නෙ කොහොම හැදුවත් රස කෑමක්. නම මතක් වෙනකොටත් කටට කෙල උනනවා නේද ? අද අපි බලමු ලොකු ඉස්සන් කිරට හදා ගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලොකු ඉස්සන් - 250g
  • උකු පොල් කිරි - කෝප්ප 02
  • අමු මිරිස් කරල් - 02
  • සුදුලූනු බික් - 02 - 03
  • ලුණු තේ හැදි - 02
  • තුන පහ කුඩු තේ හැඳි - 02
  • මිරිස් කුඩු තේ හැඳි - 02
  • උළුහාල් තේ හැඳි - ½
  • කහකුඩු තේ හැඳි - 01
  • රතු ළූණු
  • කුරුඳු පොතු
  • කරපිංචා

සාදන ආකාරය:

  • පළමුව ඉස්සන් සුද්ද කර හොඳින් සෝදා ගන්න.
  • රතු ළූණු , අමු මිරිස් , කුරුඳු පොතු , කරපිංචා කපා ගන්න.
  • ඇතිළියකට ඉස්සන් දමා එයට කිරි එකතු කරන්න .
  • කපා ගත් රතු ළූනු , අමුමිරිස් මිශ්‍රණය එයට එකතු කරන්න.
  • ලුණු, කහ කුඩු , මිරිස් කුඩු , උළුහාල් සහ තුන පහ කුඩු එකතු කරන්න.
  • සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
  • ලිප මත තබා පිසගන්න. වරින් වර හැදි ගාන්නට අමතක කරන්න එපා .
  • අවම තරමේ මිනිත්තු 15 - 20 හොඳින් පිසගන්න.
  • මෙම ඉස්සන් කරිය බත් එක්ක විතරක් නෙවේ පාන්, ඉදි ආප්ප , කිරිබත් සමග උනත් හොදට ගැලපෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to