Jumbo Prawns කිරට හදමු
ඉස්සෝ කියන්නෙ කොහොම හැදුවත් රස කෑමක්. නම මතක් වෙනකොටත් කටට කෙල උනනවා නේද ? අද අපි බලමු ලොකු ඉස්සන් කිරට හදා ගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ලොකු ඉස්සන් - 250g
- උකු පොල් කිරි - කෝප්ප 02
- අමු මිරිස් කරල් - 02
- සුදුලූනු බික් - 02 - 03
- ලුණු තේ හැදි - 02
- තුන පහ කුඩු තේ හැඳි - 02
- මිරිස් කුඩු තේ හැඳි - 02
- උළුහාල් තේ හැඳි - ½
- කහකුඩු තේ හැඳි - 01
- රතු ළූණු
- කුරුඳු පොතු
- කරපිංචා
සාදන ආකාරය:
- පළමුව ඉස්සන් සුද්ද කර හොඳින් සෝදා ගන්න.
- රතු ළූණු , අමු මිරිස් , කුරුඳු පොතු , කරපිංචා කපා ගන්න.
- ඇතිළියකට ඉස්සන් දමා එයට කිරි එකතු කරන්න .
- කපා ගත් රතු ළූනු , අමුමිරිස් මිශ්‍රණය එයට එකතු කරන්න.
- ලුණු, කහ කුඩු , මිරිස් කුඩු , උළුහාල් සහ තුන පහ කුඩු එකතු කරන්න.
- සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
- ලිප මත තබා පිසගන්න. වරින් වර හැදි ගාන්නට අමතක කරන්න එපා .
- අවම තරමේ මිනිත්තු 15 - 20 හොඳින් පිසගන්න.
- මෙම ඉස්සන් කරිය බත් එක්ක විතරක් නෙවේ පාන්, ඉදි ආප්ප , කිරිබත් සමග උනත් හොදට ගැලපෙනවා.