පාට පාට ජෙලි ලේයර්ස්

අද හදන්න යන්නේ රස වගේම හරිම ලස්සන අතුරුපසක්. ඒ තමයි ජෙලි ලේයර්ස්. ජෙලි ලේයර්ස් හදාගන්න එක හරිම ලේසියි. ඒ උනාට මේ ඩෙසර්ට් එක හදන්න හරියට වෙලාව යනවා.

අවශ්‍ය ද්‍රව්‍ය - ජෙලි සෑදීම සදහා

  • ජෙලි පැකට් - 04 (පාට 04කින්)
  • ජෙලටින් - තේ හැඳි 04
  • උණු වතුර - කෝප්ප 06
  • අවශ්‍ය ද්‍රව්‍ය - ටින් කිරි මිශ්‍රණය සදහා

  • ජෙලටින් - මේස හැඳි 02
  • මද රස්නේ උණු වතුර - කෝප්ප 01
  • ටින් කිරි - 390g
  • සාදන ක්‍රමය

    • එක පැකට් එකක ජෙලි ටික බෝල් එකකට දාලා ඒකට ජෙලටින් තේ හැඳි එකකුයි උණු වතුර කෝප්ප භාගයකුයි දාලා හොඳට කලවම් කරන්න.
    • මේ විදහට ජෙලි පැකට 04ම හදා ගන්න.
    • දැන් මේ ජෙලි ටික ඔක්කොම හොඳට නිමෙන්න පැත්තකින් තියා ගන්න.
    • මට රස්නේ උණු වතුර කෝප්පෙකට ජෙලටින් මේස හැඳි 02ක් දිය කර ගන්න.
    • ඊළගට ටින් කිරි ටික භාජනෙකට දාගන්න.
    • දිය කර ගත්ත ජෙලටින් ටික ටින් කිරි එකට දාලා හොඳට දිය කර ගන්න.
    • දැන් මේ ඩෙසර්ට් එකේ ලේයර්ස් ටික හදාගන්න. ඒකට මුලින්ම භාජනේ යටටම කිරි ලේයර් එකක් දාලා විනාඩි 15ක් විතර ෆ්‍රීසර් එකේ තියන්න.
    • මේ කිරි ටික හොඳට මිදුනාට පස්සේ රතු පාට ජෙලි ලේයර් එකක් දාගන්න. ඒකත් කලින් විදිහටම විනාඩි 15ක් මිදෙන්න තියන්න.
    • මේ විදිහට ඔක්කොම ජෙලි ටික ඉවර වෙනකන් පාට පාටින් ලේයර්ස් හදාගන්න.
    • ඔක්කොම ලේයර්ස් ටික හදාගත්තාට පස්සේ මේක හොඳට සෙට් වෙනකන් ශීතකරණයේ තියන්න.
    Jelly Layers
    Jelly Layers
    Jelly Layers
    Jelly Layers

    Contact DailyLife.lk

    or drop an E-Mail to