පාට පාට ජෙලි ලේයර්ස්
අද හදන්න යන්නේ රස වගේම හරිම ලස්සන අතුරුපසක්. ඒ තමයි ජෙලි ලේයර්ස්. ජෙලි ලේයර්ස් හදාගන්න එක හරිම ලේසියි. ඒ උනාට මේ ඩෙසර්ට් එක හදන්න හරියට වෙලාව යනවා.
අවශ්‍ය ද්‍රව්‍ය - ජෙලි සෑදීම සදහා
අවශ්‍ය ද්‍රව්‍ය - ටින් කිරි මිශ්‍රණය සදහා
සාදන ක්‍රමය
- එක පැකට් එකක ජෙලි ටික බෝල් එකකට දාලා ඒකට ජෙලටින් තේ හැඳි එකකුයි උණු වතුර කෝප්ප භාගයකුයි දාලා හොඳට කලවම් කරන්න.
- මේ විදහට ජෙලි පැකට 04ම හදා ගන්න.
- දැන් මේ ජෙලි ටික ඔක්කොම හොඳට නිමෙන්න පැත්තකින් තියා ගන්න.
- මට රස්නේ උණු වතුර කෝප්පෙකට ජෙලටින් මේස හැඳි 02ක් දිය කර ගන්න.
- ඊළගට ටින් කිරි ටික භාජනෙකට දාගන්න.
- දිය කර ගත්ත ජෙලටින් ටික ටින් කිරි එකට දාලා හොඳට දිය කර ගන්න.
- දැන් මේ ඩෙසර්ට් එකේ ලේයර්ස් ටික හදාගන්න. ඒකට මුලින්ම භාජනේ යටටම කිරි ලේයර් එකක් දාලා විනාඩි 15ක් විතර ෆ්‍රීසර් එකේ තියන්න.
- මේ කිරි ටික හොඳට මිදුනාට පස්සේ රතු පාට ජෙලි ලේයර් එකක් දාගන්න. ඒකත් කලින් විදිහටම විනාඩි 15ක් මිදෙන්න තියන්න.
- මේ විදිහට ඔක්කොම ජෙලි ටික ඉවර වෙනකන් පාට පාටින් ලේයර්ස් හදාගන්න.
- ඔක්කොම ලේයර්ස් ටික හදාගත්තාට පස්සේ මේක හොඳට සෙට් වෙනකන් ශීතකරණයේ තියන්න.