ජෙලි මූස් කේක්‌

අපි අද හදා ගන්න මේ ජෙලි මූස් කේක්‌ එක හරිම රස හරිම ලස්සන කේක් එකක්. මේකට ඔයාලට කැමති රසකින් ජෙලි අරගෙන කැමති පලතුරු වර්ගයකින් කේක් එක සරසා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • පාන් පිටි / කේක් පිටි - 125g
  • සීනි - 125g
  • ලුනු සහිත බටර් - 125g
  • බිත්තර - 02
  • නැවුම් කිරි - මේස හැඳි 02
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • වැනිලා - තේ හැඳි 01

අවශ්‍ය ද්‍රව්‍ය: ජෙලි මූස් සඳහා

  • ස්ට්‍රෝබෙරි ජෙලි - 85g
  • විපින් ක්‍රීම් - 150ml
  • උණු වතුර
  • ස්ට්‍රෝබෙරි පෙති ටිකක්

සාදන ක්‍රමය:

  • මුලින්ම ජෙලි පැකට් එකෙන් භාගෙකට උණු වතුර දාලා හදාගෙන ඒක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දා ගන්න. ඔයාලට මේකට කැමති වර්ගයක ජෙලි අර ගන්න පුළුවන්.
  • කේක් එකේ බැටර් එක හදා ගන්න මුලින්ම බේකින් පවුඩර් ටිකයි පිටි ටිකයි එකට දාලා කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • ඊළගට බටර් ටිකයි සීනි ටිකයි වෙනමම බෝල් එකකට දාලා ඒ ටික හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • බටර් ටික හොඳට ක්‍රීම් ගතියට ආවට පස්සේ මේකට බිත්තර එකින් එක එකතු කර ගන්න.
  • ඊළගට වැනිලා ටික එකතු කර ගන්න.
  • දැන් පිටි මිශ්‍රණය ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එකතු කර ගන්න.
  • ඊළගට නැවුම් කිරි ටික දා ගන්න.
  • දැන් මේ බැටර් එක අගල් 8 සයිස් එකේ රවුම් බේකින් ට්‍රේ එකකට දාගෙන කේක් එක විනාඩි 30-35 විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • කේක් එක බේක් වෙනකන් අපිට පුළුවන් ජෙලි මූස් එක හදා ගන්න. ඒකට මුලින්ම අපි කලින් සෙට් කර ගත්ත ජෙලි ටික හොඳට ආයෙත් කලවම් කර ගන්න.
  • දැන් ඔයාලගේ විපින් ක්‍රීම් ටික වෙනමම බෝල් එකකට දාගෙන හොඳට පීක්ස් එනකන් බීට් කරන්න.
  • විපින් ක්‍රීම් ටික හොඳට බීට් උනාට පස්සේ මේකට කලවම් කර ගත්ත ජෙලි මුස් එක දාලා බීට් කරන්න.
  • දැන් අපි මේ ජෙලි මුස් එක කේක් එක උඩින් හැම තැනටම දා ගන්න ඕනේ. මුස් එක දාගන්න කලින් අපේ කේක් එක හොඳටම නිමිලා තියෙන්නේ ඕනේ.
  • කේක් එක ටිකක් ලස්සන කර ගන්න මේ මූස් එක උඩින් කපා ගත්ත ස්ට්‍රෝබෙරි පෙති ටිකකුත් තියා ගන්න.
  • දැන් මේ මූස් එක හොඳටම සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
  • ඊළගට ඉතුරු ජෙලි ටිකත් උණු වතුරත් එක්ක කලවම් කරලා හදා ගෙන හොඳටම නිමෙන්න තියන්න.
  • මූස් එක හොඳටම සෙට් උනාට පස්සේ දැන් හදා ගත්ත ජෙලි ටික හෙමින් සැරේ කේක් එක උඩින් වක්කරලා මේ ජෙලි ලේයර් එකත් හොඳටම සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න.
  • කේක් එක හොඳටම සෙට් උනාට පස්සේ අපිට පුළුවන් මේ කේක් එක රස බලන්න.
  • Jello Mousse Cake
    Piece of Jello Mousse Cake
    Piece of Jello Mousse Cake
    Jello Mousse Cake
    Jello Mousse Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to