ජෙලි මූස් කේක්
අපි අද හදා ගන්න මේ ජෙලි මූස් කේක් එක හරිම රස හරිම ලස්සන කේක් එකක්. මේකට ඔයාලට කැමති රසකින් ජෙලි අරගෙන කැමති පලතුරු වර්ගයකින් කේක් එක සරසා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා
- පාන් පිටි / කේක් පිටි - 125g
- සීනි - 125g
- ලුනු සහිත බටර් - 125g
- බිත්තර - 02
- නැවුම් කිරි - මේස හැඳි 02
- බේකින් පවුඩර් - තේ හැඳි 01
- වැනිලා - තේ හැඳි 01
අවශ්‍ය ද්‍රව්‍ය: ජෙලි මූස් සඳහා
- ස්ට්‍රෝබෙරි ජෙලි - 85g
- විපින් ක්‍රීම් - 150ml
- උණු වතුර
- ස්ට්‍රෝබෙරි පෙති ටිකක්