හරිම පහසු ජැපනීස් පෑන් කේක්
පෑන් කේක් කියන්නේ අපි හැමෝටම හුරු පුරුදු කෑමක්. හැබැයි ටිකක් වෙනස් විදිහකට හදන මේ පෑන් කේක් එක කොහොමද කියල බලන්නකෝ
අවශ්‍ය ද්‍රව්‍ය:
- පිටි - 125g
- බේකින් සෝඩා - තේ හැඳි 1/4
- බේකින් පවුඩර් - තේ හැඳි 1/2
- ලුනු
- බිත්තර කහ මද - 01
- බිත්තර සුදු මද - 03
- දිය කර ගත්ත බටර් - 25g
- කිරි - කෝප්ප 1/2
- සීනි - 30g
- වැනිලා - තේ හැඳි 01
සාදන ක්‍රමය:
- බිත්තර කහ මදයයි කිරි ටිකයි එකට දාලා හොඳට කලවම් කරන්න.
- මේකට වැනිලා ටිකයි, ලුනුයි, දිය කර ගත්ත බටර් ටිකයි දාගන්න.
- පිටි ටික බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩා ටිකයි එක්ක කලවම් කරන්න.
- මේ පිටි ටික කිරි එකත් එක්ක හොඳට කලවම් කරන්න.
- බිත්තර සුදු මද ටික හොඳට පිම්බෙනකන් බීට් කරන්න. බීට් කරන අතරතුරේදී සීනි ටිකත් එකතු කරන්න.
- බීට් කර ගත්ත බිත්තර ටික පෑන් කේක් මිශ්‍රනයත් එක්ක කලවම් කරන්න.
- තැටියක බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණයෙන් ටික ටික දදා පෑන් කේක් ටික හදා ගන්න.
- තැටිය වහලා විනාඩි 02ක් විතර එක පැත්තක් උයාගන්න.
- දැන් පෑන් එක අනිත් පැත්ත හරවලා තවත් විනාඩි 02ක් විතර උයාගන්න.
- පෑන් කේක් ටික රස්නේ පිටින්ම කෑමට ගන්න.

