ලේසියෙන් පහසුවෙන් ජෑම් ස්විස් රෝල්

හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ ජෑම් ස්විස් රෝල් එක තේ වෙලාවකට නම් නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 80g
  • කුඩු කර ගත්ත සීනි - 140g
  • බිත්තර -04
  • වැනිලා - තේ හැඳි 01
  • ස්ට්‍රෝබෙරි ජෑම් - 150g
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • ලුනු පොඩ්ඩක්
  • සාදන ක්‍රමය:

    • මුලින්ම බේකින් පවුඩර් ටික පිටි ටිකත් එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
    • වෙනමම බෝල් එකකට බිත්තර සුදු මද ටික විතරක් දාගෙන ඒකට ලුනු ටිකකුත් දාගන්න. දැන් මේක හොඳට බීට් කරන්න. බිත්තර සුදු මද බීට් කරද්දී ඔයාලගේ බෝල් එකෙයි බීටර් එකෙයි පොඩ්ඩක්වත් වතුර තියෙන්න බෑ. එහෙම උනොත් එහෙම බිත්තර සුදු මද ටික හොඳට බීට් වෙන්නේ නෑ.
    • බිත්තර සුදු මද ටික ටිකක් වෙලා බීට් කරගෙන ඒකට සීනි වලින් භාගයක් දා ගන්න. දැන් මේ ටික හොඳටම සොෆ්ට් වෙනකන් බීට් කරන්න.
    • දැන් වෙනමම බෝල් එකකට බිත්තර කහ මද ටිකයි ඉතුරු සීනි ටිකයි දා ගන්න. බිත්තර කහ මද වල පාට අඩු වෙලා ටිකක් ඝනකම් වෙනකන් බීට් කරන්න.
    • දැන් මේ බීට් කර ගත්ත කහ මද ටික කලින් බීට් කර ගත්ත සුදු මද ටිකත් එක්ක කලවම් කරන්න. ඔයාලා මේක ගොඩක් තදට කලවම් කරන්න එපා. ලාවට ටිකක් කලවම් කරන්න.
    • ඊළගට වැනිලා ටික දා ගන්න.
    • කලවම් කර ගත්ත බිත්තර එකට පිටි ටිකෙන් ටික එකතු කරන්න. බැටර් එක හදා ගත්තාට පස්සේ මේ බැටර් එක 10x12 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එකක් උඩට දාගෙන බැටර් එක බේකින් ට්‍රේ එකේ හැම තැනටම යවා ගන්න.
    • දැන් අපි මේ කේක් එක 170C ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 12-15 විතර බේක් කර ගන්න ඕනේ.
    • කේක් එක බේක් උනාට පස්සේ වෙනමම බේකින් ට්‍රේ එකක් උඩට බේකින් ශීට් එකක් දාගෙන ඒක උඩට අයිසිං සීනි ටිකක් ඉහ ගන්න. දැන් අපේ කේක් ශීට් එක අනිත් පැත්ත හරවලා මේක උඩින් තියලා කේක් එකේ තියන බේකින් ශීට් එක ගලවලා අයින් කර ගන්න.
    • කේක් එක රස්නේ තියෙද්දීම බේකින් ශීට් එකත් එක්ක රෝල් කරලා පැයක් විතර කේක් එක නිමෙනකන් තියලා තියන්න.
    • කේක් එක නිමුනාට පස්සේ හෙමින් සැරේ කේක් එක දිග ඇරලා කේක් එකේ උඩ හැම තැනටම ජෑම් ටික දා ගන්න. ජෑම් ටික ගාගත්තාට පස්සේ කේක් එක ආයෙත් රෝල් කරලා කේක් එක හොඳට සෙට් වෙන්න පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න.
    • කේක් එක හොඳට සෙට් උනහම කෑලි කපලා රස විදින්න.
    Jam Swiss Roll
    Jam Swiss Roll
    Jam Swiss Roll
    Jam Swiss Roll
    Jam Swiss Roll
    Jam Swiss Roll
    Jam Swiss Roll

    Contact DailyLife.lk

    or drop an E-Mail to