ගමේ තාලෙට කිරි රසට හදන කිරි කොස් මාළුව
අපි කව්රුත් කන්න හරිම ආස අපි අතරේ හරිම ජනප්‍රිය කෑමක් තමයි කිරි කොස්. කිරි කොස් එකේ නියම කිරි රසය මතු වෙන්න ගමේ තාලෙට කිරි කොස් මාළුවක් හදා ගන්නේ මෙන්න මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කොස් මදුළු - 600g
- මිටි කිරි - කෝප්ප 2 1/2
- දිය කිරි - කෝප්ප 1 1/2
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
- උළු හාල් - තේ හැඳි 1/2
- සුදු ළුණු - බික් 06
- කහ කුඩු - තේ හැඳි 1
- තුන පහ කුඩු - තේ හැඳි 1/2
- කරපිංචා
- රම්පේ
- අමු මිරිස් - 03
- ලුනු - තේ හැඳි 1 1/2
- ලොකු ළුණු - 01
- අබ ඇට ටිකක්
- කුරුදු පොතු කීපයක්
සාදන ක්‍රමය:
- කොස් මදුළු ටික සුද්ද කරලා අරගෙන දිග අතට කෑලි වලට කපා ගන්න.
- කොස් ඇට ටිකකුත් සුද්ද කරලා ටිකක් පොඩි කෑලි වලට කපා ගන්න.
- කොස් මදුළු ටිකයි, ඇට ටිකයි සෝදලා අර ගන්න.
- මුලින්ම කපා ගත්ත කොස් මදුළු ටිකක් අතිලියට දාලා ඊට උඩින් කොස් ඇට ටික දාලා ඉතුරු කොස් ටික කොස් ඇට වලට උඩින් දාගන්න. මේ විදිහට කරන්නේ කොස් ඇට ටික හොඳට තැම්බෙන්න ඕනේ නිසා.
- කපා ගත්ත ළුණු, අමු මිරිස්, ගම්මිරිස් කුඩු, උළු හාල්, කහ කුඩු, ලුනු, රම්පෙ, කරපිංචා, කුරුදු හා දිය කිරි ටික දාගන්න.
- දැන් මේක මෙහෙන්මම ලිපේ තියලා වහලා ටිකක් වෙලා උයා ගන්න. මේක දැන්ම හැඳි ගාන්න එපා. එහෙම උනොත් කොස් ඇට ටික උඩට ඇවීත් හරියට තැම්බෙන්නේ නැති වෙයි.
- කොස් ටික ටිකක් තැම්බීගෙන එනකොට ටිකක් හැදි ගාලා ඔක්කොම ටික කලවම් කරන්න.
- ඊලගට අබ ටිකයි, සුදු ළුණු ටිකයි හොඳට අබරලා කිරි ටිකකට දිය කරලා මේ කොස් එකට දාගන්න.
- දැන් මිටි කිරි ටික දාලා කලවම් කරන්න.
- මිටි කිරි ටික හොඳට ඉදිලා කිරි කොස් මාළුව හොඳ ක්‍රීමි ගතියට අවහම මේක ලිපෙන් බා ගන්න. ලිපෙන් බා ගන්න කලින් බලන්න කොස් ඇට ටිකත් හොඳට තැම්බිලා තියනවද කියල.
- උණු උණුවෙම කාලා රස බලන්න.
 
		 
		 
		 
		 
						







 RSS/Atom Feeds
RSS/Atom Feeds
						