දැක්ක ගමන් කන්න හිතෙන චිකන් එකක්

ඔයාලටත් හැමදාම එකම විදිහට හදන චිකන් එක කාලා ඇති වෙලා නම් මෙන්න චිකන් හදා ගන්න රසම විදිහක්. මේ චිකන් එක ෆ්‍රයිඩ් රයිස් එක්ක කන්න නම් නියමෙට ගැලපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කටු රහිත කුකුල් මස් (Chicken Thighs)- 500g
  • ඔලිව් තෙල් - මේස හැඳි 03
  • මී පැණි - මේස හැඳි 03
  • සෝයා සෝස් - මේස හැඳි 02
  • ඉඟුරු සුදු ළුණු පේස්ට් - මේස හැඳි 03
  • කෑලි මිරිස් - තේ හැඳි 03
  • සීනි - මේස හැඳි 02
  • කුරුදු කුඩු - තේ හැඳි 01
  • කපා ගත්ත ළුණු - 01
  • කෝර්න් පිටි - මේස හැඳි 02
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • රස පදමට ලුනු
  • පොඩියට කපා ගත් ළුණු කොළ
  • සාදන ක්‍රමය:

  • මුලින්ම කුකුල් මස් ටික සාමාන්‍ය තරමේ කෑලි වලට කපා ගෙන බෝල් එකකට දා ගන්න.
  • දැන් මේ කුකුල් මස් ටිකට ඔලිව් තෙලුයි, මී පැණියි, සෝයා සෝස් ටිකයි, ඉඟුරු සුදු ළුණු පේස්ට් එකයි, කෑලි මිරිසුයි, සීනියි, කුරුදු කුඩුයි, කපා ගත්ත ළුණුයි, කෝර්න් පිටියි, ගම්මිරිස් කුඩුයි, රස පදමට ලුනුයි දාලා හොඳට කලවම් කර ගෙන මේ ටික හොඳට පදම් වෙන්න පැය 2-3 විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න.
  • දැන් මේ කුකුල් මස් ටික බේකින් ට්‍රේ එකකට දාගෙන එක ලේයර් එකකට තුනී කර ගෙන මේ ටික විනාඩි 25-30 විතර 200C ක උෂ්ණත්වයක බේක් කර ගන්න.
  • මේ විදිහට විනාඩි 30ක් විතර බේක් කර ගත්තාට පස්සේ ඔයාලට මේක කන්න අර ගන්න පුළුවන්. ඔයාලට මේක තව ටිකක් පාට තද කර ගන්න ඕනේ නම් මේ කුකුල් මස් කෑලි ටික අනිත් පැත්ත හරවලා තවත් විනාඩි 10ක් විතර බේක් කර ගන්න.
  • දැන් මේක උඩින් පොඩියට කපා ගත්ත ළුණු කොළ ටිකක් දාලා ලස්සන කර ගන්න.
  • Honey Garlic Baked Chicken Thighs
    Honey Garlic Baked Chicken Thighs
    Honey Garlic Baked Chicken Thighs
    Honey Garlic Baked Chicken Thighs
    Honey Garlic Baked Chicken Thighs

    Contact DailyLife.lk

    or drop an E-Mail to