ගෙදර හදපු වොන්ඩර් බාර් අයිස් ක්‍රීම්

ඔන්න මේ රෙසිපි එකත් එක්ක වොන්ඩර් බාර් වැඩි ගණන් දිදී කඩෙන් ගන්නේ නැතුව ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: අයිස්ක්‍රීම් 8ක් සඳහා

  • විපින් ක්‍රීම් - 400ml
  • උකු කිරි - 200ml
  • වැනිලා - තේ හැඳි 02
  • මිල්ක් / ඩාර්ක් චොක්ලට් - 400g
  • තෙල් - 90g

සාදන ක්‍රමය:

  • මුලින්ම විපින් ක්‍රීම් ටික ටිකක් ලොකු බෝල් එකකට දාගෙන සොෆ්ට් පීක්ස් එනකන් විනාඩි 02ක් 03ක් විතර බීට් කරන්න.
  • ඊළගට උකු කිරියි, වැනිලා ටිකයි මේකට දාලා හොඳට කලවම් වෙනකන් තව ටිකක් වෙලා බීට් කරන්න.
  • දැන් මේ හදා ගත්ත අයිස් ක්‍රීම් මිශ්‍රණය අයිස් ක්‍රීම් මෝල්ඩ් ටිකකට දාගෙන ඒ ටික හොඳට සෙට් වෙනකන් පැය 24ක් විතර ෆ්‍රීසර් එකේ තියන්න.
  • දැන් වෙනමම බෝල් එකක චොක්ලට් ටිකයි තෙල් ටිකයි එකට දාලා මේ ටික හොඳට මයික්‍රෝ වෙව් එකක දිය කර ගන්න.
  • හොඳට සෙට් උන අයිස්ක්‍රීම් ටික මෝල්ඩ් එකෙන් එලියට අරගෙන හදා ගත්ත චොක්ලට් මිශ්‍රණයේ පොගවලා ඒ ටික හොඳට සෙට් වෙන්න තව ටිකක් වෙලා ෆ්‍රීසර් එකේ තියන්න.
  • Homemade Wonder Bars
    Homemade Wonder Bars
    Homemade Wonder Bars
    Homemade Wonder Bars
    Homemade Wonder Bars
    Homemade Wonder Bars

    Contact DailyLife.lk

    or drop an E-Mail to