ගෙදරදීම උකු කිරි හදමු

මීට පස්සේ ඔයාලට උකු කිරි කඩෙන් ගන්න ඕනේ නෑ. මේ තියෙන්නේ ගෙදරදීම උකු කිරි හදා ගන්න ලේසිම විදිහ. මේ ප්‍රමාණ වලින් අපිට පුළුවන් 280g - 300g අතර උකු කිරි ප්‍රමාණයක් හදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නැවුම් කිරි - 500ml
  • සීනි - 200g
  • බේකින් සෝඩා - තේ හැඳි ¼
  • සාදන ක්‍රමය:

    • මුලින්ම ටින් කිරි ටිකයි සීනි ටිකයි ටිකක් ලොකු භාජනයකට දාලා මද ගින්දරේ රත් කරන්න. ඔයාලා මේ කිරි ටික රත් කරද්දී දිගටම හැඳි ගාන්න.
    • අපි දා ගත්ත මිශ්‍රණය භාගයකට විතර අඩු උනාට පස්සේ ගින්දර අඩු කරලා තව ටිකක් වෙලා රත් කරන්න. මේ වෙලාව වෙනකොට කිරි වල සුදු පාට ගතිය නැති වෙලා ගිහින් ටිකක් පාට වෙනස් වෙනවා.
    • මිශ්‍රණය ටිකක් ඝන උනහම ලිප ඕෆ් කරන්න. ඔයාලා මේක ගොඩක්ම ඝන කරන්න එපා. මොකද මේ කිරි ටික නිමෙනකොට තවත් උකු වෙනවා.
    • දැන් මේකට බේකින් සෝඩා ටික දාලා කලවම් කරන්න. බේකින් සෝඩා වලින් තමයි මේ උකු කිරි එක හොඳට ක්‍රීමි ගතියට එන්නේ.
    • ඊළගට මේ උකු කිරි ටික වෙනමම භාජනයකට දාලා හොඳටම නිමෙන්න තියන්න.
    • උකු කිරි දාලා හදන ඕනෙම කෑමක් හදන්න ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්.
    Homemade Condensed Milk
    Homemade Condensed Milk
    Homemade Condensed Milk

    Contact DailyLife.lk

    or drop an E-Mail to