කුරක්කන් හැලප

කැන්ද කොළ මිටියක් අතේ තියාගෙන අම්මා කුස්සිය පැත්තට යනවා දැක්කහම ඔයාලට මොනවාද ඔයාලට හිතෙන්නේ? අදනම් තේ වෙලාවට රස හැලප ටිකක් කන්න පුළුවන් කියලා. හැලප කාල නැත්නම් ඔයා ශ්‍රී ලාංකිකයෙක් නම් නෙවේ. ඒ තරමට ම ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය කෑමක් තමයි හැලප කියන්නේ. 100% ශ්‍රී ලාංකික ආහාරයක් වන හැලප අද හවසට තේ මේසෙට හදල බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිටි 500 g
  • කුරක්කන් පිටි 250 g
  • සීනි 500 g
  • ගාගත් පොල් ( මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක)
  • ලුණු තේ හැඳි 01
  • කැන්ද කොල 25 - 30
  • වතුර කෝප්ප 01

සාදන ආකාරය:

  • පැණිපොල් සෑදීම සඳහා සීනි , ලුණු , වතුර භාජනයකට දමා මද ගින්නේ රත් කරන්න. මෙහිදී සීනි උකු සිරප් එකක් ආකාරයට පැමිණෙන තෙක් රත් කරන්න.
  • ගාගත් පොල් ඉහත මිශ්‍රණයට එකතු කරමින් මද ගින්නේ රත් කරන්න. මෙහිදී ජලය සියල්ල වාෂ්ප වී පැණි පොල් ටික හොඳින් ඝන වන තුරු තබා ගන්න.
  • පැණි පොල් මිශ්‍රණයට කුරක්කන් පිටි එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
  • ඉහත මිශ්‍රණයට පිටි එකතු කරන්න. අතේ නොඇලෙන සේ ගුලියක් සාදා ගත හැකි පදම එනතුරු පිටි ටිකින් ටික එකතු කරන්න.
  • කැන්ද කොළ හොඳින් සෝදා වේළාගන්න. කැන්ද කොළ සොයාගත නොහැකි නම් ඔබට මේ සඳහා කෙසෙල් කොළ හෝ ඇලූමිනියම් ෆොඉල් භාවිතා කළ හැකිය. එහෙත් කැන්ද කොළවල සෑදුවා මෙන් හැලප වල නියම රසය ඔබට ගැනීමට නොහැකි වෙනවා.
  • කුඩා ප්‍රමාණයේ ගුලි සාදා ගෙන කැන්ද කොලේ මැදින් තබා කැන්ද කොලය දෙකට නමා කැන්ද කොළය පුරා පැතිරෙන ආකාරයට අතින් තලන්න . මේ ආකාරයට සියලුම හැලප සාදාගන්න.
  • ස්ටීමරයක හැලප ටික සිරස් අතට අසුරා ගන්න. සෑම කොටසකටම වාෂ්ප වදින සේ අතුරා ගැනීමට මතක තබා ගන්න.
  • පැය 1 ½ පමණ හොඳින් තම්බා ගන්න.
  • ස්ටිමරයෙන් ඉවතට ගෙන නිවෙන්නට ඇතුල්පතක තුනී වන ආකාරයට දමා ගන්න.
  • උණු උණු තේ එකක් සමග රස බලන්න. සීනි රහිත තේ එකක් මේ සඳහා වඩාත්ම ගැලපෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to