නත්තලට මේ කුකී එක නැත්නම් වැඩක් නෑ
මෙදා පාර නත්තලට හදා ගන්නම ඕනේ කුකී එකක් තමයි මේ. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ ජින්ජර් බ්‍රෙඩ් කුකී එක ඔයාලට නත්තලට ටික දවසකට කලින් උනත් හදලා තියා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකීස් 15 සඳහා
- පාන් පිටි - 215g
- දුඹුරු සීනි - 65g
- බේකින් සෝඩා - තේ හැඳි 1/2
- කුරුදු කුඩු - තේ හැඳි 01
- ඉඟුරු කුඩු - තේ හැඳි 01
- ලුනු - තේ හැඳි 1/4
- ලුනු රහිත බටර් - 85g
- පොල් පැණි / කිතුල් පැණි - 108g
- නැවුම් කිරි - මේස හැඳි 01
- අයිසින් සීනි - 30g
සාදන ක්‍රමය: