කහට කෝප්පයක් එක්ක නියමෙට ගැලපෙන ඉඟුරු දෝසි

හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් දේවල් ටිකකින් හරිම ඉක්මනින් හදලා තියා ගන්න පුළුවන් කෑමක් තමයි ඉඟුරු දෝසි. මේ ඉඟුරු දෝසි එක තේ වෙලාවට නම් නියමෙට ගැලපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • අමු ඉඟුරු - 60g
  • සීනි - 375g
  • ෆ්‍රෙෂ් මිල්ක් - 100ml
  • ලුනු - තේ හැඳි ¼

සාදන ක්‍රමය:

  • ඉඟුරු ටික හොඳට සුද්ද කරලා සෝදලා අරගෙන පොඩි කෑලි වලට කපා ගන්න.
  • කපා ගත්ත ඉඟුරු ටිකට කිරි මේස හැඳි 02යි සීනි ටිකකුයි දාලා හොඳට පේස්ට් එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න.
  • දැන් මේ පේස්ට් එක පෑන් එකකට දාලා ඉතුරු සීනි ටිකයි, කිරි ටිකයි, ලුනුයි දාලා ලිපේ තියන්න.
  • අපි මේක පදමට එනකන් මද ගින්දරේ දිගටම හැඳි ගාන්න ඕනේ.
  • සීනි ටික හොඳට උණු වෙලා හැන්දට ටිකක් බර ගතිය එනකොට ඇල් වතුර එකකට මේ මිශ්‍රනෙන් ටිකක් දාලා පොඩි බෝලයක් හදලා බලන්න. මේ ටික වතුර එක්ක දිය වෙන්නේ නැතුව පොඩි බෝලයක් හදා ගන්න පුළුවන් නම් මේ මිශ්‍රණයේ පදම හරි.
  • දැන් මේක ලිපෙන් අයින් කරලා ට්‍රේ එකකට දා ගන්න.
  • මිශ්‍රණය පැතලි කරගෙන හයි වෙන්න කලින් කෑලි වලට කපා ගන්න.
  • උණු උණු කහට කෝප්පයක් එක්ක මේ දෝසි එක රස විදලා බලන්න.
Ginger Toffee
Ginger Dosi
Close up view of Ginger Toffee
Vertical view of Ginger Toffee

Contact DailyLife.lk

or drop an E-Mail to