පෝෂණ ගුණයෙන් පිරුණු බතක්

පෝෂණ ගුණයෙන් පිරුණු මේ සුදු ළුණු බත් එක එක පාරක් කෑවොත් ඔයාලා හැමදාම මේ විදිහට බත් හදයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් / මාගරින් - මේස හැඳි 03
  • තලා ගත්ත සුදු ළුණු - බික් 15
  • තලා ගත්ත ඉඟුරු - අගල් 2 කෑල්ලක්
  • ලොකු ළුණු - 01
  • උයා ගත් බත් - 400g
  • රස පදමට ගම්මිරිස්
  • රස පදමට ලුනු
  • ලීක්ස් / ළුණු කොළ
  • අබ ඇට - තේ හැඳි 1/2
  • කරපිංචා
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බටර් ටික පෑන් එකකට දාලා දිය කර ගන්න.
  • ඊළගට මේකට අබ ඇට ටික දා ගන්න.
  • අබ ඇට පුපුරද්දී ඉඟුරු සුදු ළුණු පේස්ට් එක දාන්න. මේ බත් එකට වැදගත්ම මේ තමයි මේ ඉඟුරු සුදු ළුණු පේස්ට් එක.
  • ඉඟුරු සුදු ළුණු පොඩ්ඩක් බැදීගෙන එනකොට කපා ගත්ත ළුණු ටිකයි කරපින්චයි දා ගන්න.
  • ඊළගට ඔයාලගේ රස පදමට ගම්මිරිස් කුඩුයි ලුනුයි එකතු කරන්න.
  • දැන් මේකට උයා ගත්ත බත් ටික දාලා හොඳට කලවම් කරන්න.
  • අන්තිමට ලීක්ස් ටික දාලා කලවම් කරලා විනාඩියක් විතර කලවම් කරලා ලිපෙන් බා ගන්න.
  • Garlic Rice
    Garlic Rice
    Garlic Rice
    Garlic Rice
    Garlic Rice

    Contact DailyLife.lk

    or drop an E-Mail to