පෝෂණ ගුණයෙන් පිරුණු බතක් පෝෂණ ගුණයෙන් පිරුණු මේ සුදු ළුණු බත් එක එක පාරක් කෑවොත් ඔයාලා හැමදාම මේ විදිහට බත් හදයි. අවශ්‍ය ද්‍රව්‍ය: බටර් / මාගරින් - මේස හැඳි 03 තලා ගත්ත සුදු ළුණු - බික් 15 තලා ගත්ත ඉඟුරු - අගල් 2 කෑල්ලක් ලොකු ළුණු - 01 උයා ගත් බත් - 400g රස පදමට ගම්මිරිස් රස පදමට ලුනු ලීක්ස් / ළුණු කොළ අබ ඇට - තේ හැඳි 1/2 කරපිංචා සාදන ක්‍රමය: මුලින්ම බටර් ටික පෑන් එකකට දාලා දිය කර ගන්න. ඊළගට මේකට අබ ඇට ටික දා ගන්න. අබ ඇට පුපුරද්දී ඉඟුරු සුදු ළුණු පේස්ට් එක දාන්න. මේ බත් එකට වැදගත්ම මේ තමයි මේ ඉඟුරු සුදු ළුණු පේස්ට් එක. ඉඟුරු සුදු ළුණු පොඩ්ඩක් බැදීගෙන එනකොට කපා ගත්ත ළුණු ටිකයි කරපින්චයි දා ගන්න. ඊළගට ඔයාලගේ රස පදමට ගම්මිරිස් කුඩුයි ලුනුයි එකතු කරන්න. දැන් මේකට උයා ගත්ත බත් ටික දාලා හොඳට කලවම් කරන්න. අන්තිමට ලීක්ස් ටික දාලා කලවම් කරලා විනාඩියක් විතර කලවම් කරලා ලිපෙන් බා ගන්න.