රස ගුණ දෙකම සපිරි සුදු ළුණු කැඳ

සුදු ළුණු කැඳ කියන්නේ ඔයාලට උදේකට වගේ හදා ගන්න පුළුවන් රස වගේම හරිම ගුණ දායක කැඳක්. විශේෂයෙන්ම මේ දවස් වල ඔයාලගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න වගේම ඔයාලගේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් මේ සුදු ළුණු උදව් වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු පොල් කිරි - කෝප්ප 02
  • සුදු ළුණු බික් - 20-25
  • රස පදමට ලුනු
  • කැකුළු හාල් - 80g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම කැඳ එකට ඕනේ සුදු ළුණු ටිකයි කැකුළු හාල් ටිකයි බ්ලෙන්ඩර් කරලා කැඳ එක හදන පෑන් එකට දා ගම්මු. ඔයාලට පුළුවන් නම් මේ හාල් ටික කලින් දවසේ රෑ පොගන්න දාලා අර ගන්න. එතකොට අපිට හාල් ටික ගොඩක් වෙලා උයන්න ඕනේ නෑ.
  • දැන් අපි මේකට දා ගන්න ඕනේ පොල් කිරියි රස පදමට ලුනු ටිකකුයි.
  • ඊළගට පෑන් එක ලිපේ තියලා මද ගින්දරේ කැඳ එක ටිකක් උකු වෙනකන් උයා ගන්න.
  • කැඳ එක උකු උනහම බත් ටිකත් හොඳට ඉදිලා තියනවාද කියලා බලලා මේක ලිපෙන් බා ගන්න.
  • මේ කැඳ එක ඔයාලාට ඕනේ නම් සීනි ටිකක් එක්ක බොන්නත් පුළුවන්. හැබැයි සීනි දාන්නේ නැතුවත් මේක හරිම රසයි.
  • Garlic Porridge
    Garlic Porridge
    Garlic Porridge

    Contact DailyLife.lk

    or drop an E-Mail to