එකම විදිහට බෝංචි කාලා ඇති වෙලාද?

ඔයාලටත් එකම විදිහට බෝංචි කාලා ඇති වෙලා නම් මෙන්න බෝංචි හදන්න රසම රස විදිහක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොළ පාට බෝංචි - 300g
  • ලුනු - තේ හැඳි 01
  • තලා ගත්ත සුදු ළුණු - බික් 8-12
  • ළුණු - 01
  • ඔලිව් තෙල් - මේස හැඳි 01
  • බටර් - මේස හැඳි 01
  • සෝයා සෝස් - මේස හැඳි 03
  • වතුර - කෝප්ප 03
  • ගම්මිරිස් කුඩු - අවශ්‍ය නම්
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බෝංචි ටිකේ නූල් ඇරලා හොඳට සෝදලා අර ගන්න.
  • දැන් බෝංචි ටික දෙකට මැදින් කපා ගන්න. මේ රෙසිපි එකේදී අපි බෝංචි පොඩි කෑලි වලට කඩන්නේ නෑ. බෝංචි කෑලි ටිකක් දිගට තිබුනහම තමා ලස්සන.
  • දැන් වතුර ටික රත් කරගෙන ඒකට ලුනු ටික දාලා කලවම් කර ගන්න.
  • ඊළගට කපා ගත්ත බෝංචි ටික මේ වතුර එකට දාලා විනාඩි 5ක් විතර තම්බා ගන්න. ඕනෑවට වඩා බෝංචි ටික තම්බන්න ඕනේ නෑ. යන්තම් තැම්බුනහම ඇති. බෝංචි ටික ටිකක් තැම්බුනහම වතුර පෙරලා අරගෙන පැත්තකින් තියලා තියන්න.
  • ඊළගට පෑන් එකකට බටර් ටිකයි ඔලිව් තෙල් ටිකයි දාලා රත් කර ගන්න.
  • තලා ගත්ත සුදු ළුණු ටික මේ පෑන් එකට දාලා ටිකක් ලාවට දුඹුරු පාට වෙනකන් තෙල් එකේ තියන්න.
  • අන්තිමටම මේකට කපා ගත්ත ළුණුයි, තම්බා ගත්ත බොන්චියි, සෝයා සෝස් ටිකයි දාලා තවත් විනාඩි 5ක් විතර උයාගෙන බෝංචි ටික ලිපෙන් බා ගන්න.
  • බෝංචි ටික ලිපෙන් ගන්න කලින් ඔයාලගේ රස පදමට ලුනු ඇතිද කියලා බලන්න. ඔයාලට මේක ටිකක් සැරට තියෙන්න ඕනේ නම් ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්න.
  • Closeup view of Garlic Green Beans
    Garlic Green Beans
    Garlic Green Beans
    Garlic Green Beans
    Garlic Green Beans

    Contact DailyLife.lk

    or drop an E-Mail to