ඉස්සෝ හදනවනම් මෙහෙම හදන්න

ලොකු පොඩි කියලා වෙනසක් නැතුව අපි හැමෝම කැමතියිනේ ඉස්සෝ කන්න. ඉස්සෝ රස තවත් වැඩි කර ගන්න මීට පස්සේ ඉස්සෝ හදනවනම් ඔයාලත් මේ විදිහට හදන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලොකු ඉස්සෝ - 30-35
  • දෙහි හෝ ලෙමන් යුෂ - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කෑලි මිරිස් - තේ හැඳි 1/2
  • ලුනු රහිත බටර් - 75g
  • පොඩියට කපා ගත්ත සුදු ළුණු - මේස හැඳි 03
  • කොර්න්ස්ටාර්ච් - මේස හැඳි 04
  • රස පදමට ලුනු
  • ඔලිව් තෙල් - මේස හැඳි 01
  • සාදන ක්‍රමය:

  • මුලින්ම ඉස්සෝ ටික හොඳට සුද්ද කරලා සෝදලා අරගෙන බෝල් එකකට දා ගන්න. දැන් මේකට කෑලි මිරිසුයි, ගම්මිරිස් කුඩුයි, ලුනුයි දාලා කලවම් කර ගන්න.
  • ඊළගට කොර්න්ස්ටාර්ච් ටික දාලා කලවම් කර ගෙන විනාඩි 30ක් විතර මේ ඉස්සෝ ටික වහලා තියන්න.
  • පෑන් එකකට ඔලිව් තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙනකොට ඒකට බටර් ටික දාලා දිය කර ගන්න. මේ විදිහට කලින් තෙල් ටිකක් නොදා නිකන්ම බටර් විතරක් දා ගත්තොත් එහෙම සමහර වෙලාවට බටර් ටික පිච්චිලා කළු පාට වෙලා යනවා.
  • දැන් අපි කලින් හදා ගත්ත ඉස්සෝ ටික මේ බටර් එකට දාලා විනාඩි 2ක් 3ක් විතර ඉස්සෝ ටික රන්වන් පාට වෙනකන් උයා ගන්න. ඊළගට මේ ටික අනිත් පැත්ත හරවලා තවත් විනාඩි 2ක් විතර උයා ගන්න.
  • උයා ගත්ත ඉස්සෝ ටික පෑන් එකෙන් අයින් කරලා මේ පෑන් එකටම තවත් බටර් ටිකක් දාලා රත් කර ගන්න. ඊළගට මේකට පොඩියට කපා ගත්ත සුදු ළුණු ටිකයි දෙහි යුෂ ටිකයි දාලා විනාඩි 2ක් විතර කලවම් කරන්න. සුදු ළුණු ටිකක් වැඩිපුර දා ගන්න පුළුවන් නම් මේ ඉස්සෝ එක ගොඩක් රසයි.
  • අන්තිමටම කලින් උයා ගත්ත ඉස්සෝ ටික මේ සුදු ළුණු එකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • Garlic Butter Prawns
    Garlic Butter Prawns
    Garlic Butter Prawns
    Garlic Butter Prawns
    Garlic Butter Prawns
    Garlic Butter Prawns

    Contact DailyLife.lk

    or drop an E-Mail to