නත්තල් කෑම මේසේ ලස්සන වෙන්න රසම රස කේක් එකක්

ස්ප්‍රින්කල්ස් වලින් පිරුණු මේ ෆන්ෆෙටි කේක් එක ඔයාලගේ නත්තල් කෑම මේසෙට වෙනස් රසක් වගේම පාට පාට ලස්සනකුත් එකතු කරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • මාගරින් - 250g
  • පාන් පිටි - 250g
  • සීනි - 250g
  • බිත්තර - 04
  • කිරි - මේස හැඳි 02
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • වැනිලා - තේ හැඳි 01
  • ස්ප්‍රින්කල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය: බටර් අයිසිං සදහා

  • අයිසිං සීනි - 350g
  • කාමර උෂ්ණත්වයේ බටර් - 150g
  • වැනිලා - තේ හැඳි 01
  • කිරි - මේස හැඳි 01
  • ෆුඩ් කලරින් ( අවශ්‍යනම්)

සාදන ක්‍රමය

  • මාගරින් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • මේ ටික හොඳට බීට් උනාට පස්සේ මේකට බිත්තර එක එක දා ගන්න.
  • පිටි ටික බේකින් පවුඩර් ටිකත් එක්ක කලවම් කරලා මාගරින් එකටම දා ගන්න.
  • වැනිලා සහ කිරි ටික එකතු කරන්න.
  • ඔක්කොම හොඳට කලවම් උනාට පස්සේ ස්ප්‍රින්කල්ස් ටික දාලා පොඩ්ඩක් කලවම් කර ගන්න.
  • දැන් මේ කේක් බැටර් එක බේකින් පෑන් එකකට දාලා 180° C ක උෂ්ණත්වයක ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
  • බටර් අයිසිං එක හදා ගන්න මුලින්ම බටර් ටික ලා පාටට එනකන් හොඳට බීට් කර ගෙන ඒකට වැනිලා ටික දා ගන්න.
  • දැන් මේකට අයිසිං සීනි ටිකෙන් භාගයක් දාලා කලවම් කරන්න.
  • ඊළගට කිරි ටිකයි ඉතුරු අයිසිං සීනි ටිකයි දා ගන්න.
  • කේක් එක බේක් උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියලා කේක් එක මැදින් හරහට කෑලි දෙකකට කපා ගන්න.
  • එක කේක් කෑල්ලක් උඩ අයිසිං ගාලා අනිත් කේක් කෑල්ල ඒකට උඩින් තියා ගන්න.
  • දැන් මුළු කේක් එකම අයිසිං වලින් කවර් කර ගන්න.
  • ඔයාලා කැමති විදිහට තවත් ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා කේක් එක තව ටිකක් ලස්සන කර ගන්න.
Funfetti Cake
Funfetti Birthday Cake
Close up view of Funfetti Cake
Piece of Funfetti Cake
Side view of Funfetti Cake
Top view of Funfetti Cake

Contact DailyLife.lk

or drop an E-Mail to