නත්තල් කෑම මේසේ ලස්සන වෙන්න රසම රස කේක් එකක්
ස්ප්‍රින්කල්ස් වලින් පිරුණු මේ ෆන්ෆෙටි කේක් එක ඔයාලගේ නත්තල් කෑම මේසෙට වෙනස් රසක් වගේම පාට පාට ලස්සනකුත් එකතු කරාවි.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා
- මාගරින් - 250g
- පාන් පිටි - 250g
- සීනි - 250g
- බිත්තර - 04
- කිරි - මේස හැඳි 02
- බේකින් පවුඩර් - තේ හැඳි 02
- වැනිලා - තේ හැඳි 01
- ස්ප්‍රින්කල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය: බටර් අයිසිං සදහා
- අයිසිං සීනි - 350g
- කාමර උෂ්ණත්වයේ බටර් - 150g
- වැනිලා - තේ හැඳි 01
- කිරි - මේස හැඳි 01
- ෆුඩ් කලරින් ( අවශ්‍යනම්)
සාදන ක්‍රමය
- මාගරින් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
- මේ ටික හොඳට බීට් උනාට පස්සේ මේකට බිත්තර එක එක දා ගන්න.
- පිටි ටික බේකින් පවුඩර් ටිකත් එක්ක කලවම් කරලා මාගරින් එකටම දා ගන්න.
- වැනිලා සහ කිරි ටික එකතු කරන්න.
- ඔක්කොම හොඳට කලවම් උනාට පස්සේ ස්ප්‍රින්කල්ස් ටික දාලා පොඩ්ඩක් කලවම් කර ගන්න.
- දැන් මේ කේක් බැටර් එක බේකින් පෑන් එකකට දාලා 180° C ක උෂ්ණත්වයක ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
- බටර් අයිසිං එක හදා ගන්න මුලින්ම බටර් ටික ලා පාටට එනකන් හොඳට බීට් කර ගෙන ඒකට වැනිලා ටික දා ගන්න.
- දැන් මේකට අයිසිං සීනි ටිකෙන් භාගයක් දාලා කලවම් කරන්න.
- ඊළගට කිරි ටිකයි ඉතුරු අයිසිං සීනි ටිකයි දා ගන්න.
- කේක් එක බේක් උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියලා කේක් එක මැදින් හරහට කෑලි දෙකකට කපා ගන්න.
- එක කේක් කෑල්ලක් උඩ අයිසිං ගාලා අනිත් කේක් කෑල්ල ඒකට උඩින් තියා ගන්න.
- දැන් මුළු කේක් එකම අයිසිං වලින් කවර් කර ගන්න.
- ඔයාලා කැමති විදිහට තවත් ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා කේක් එක තව ටිකක් ලස්සන කර ගන්න.