වෙනස් විදිහකට කිරි ටොෆී

හැමදාම එකම විදිහට හදන කිරි ටොෆී එකට පොඩි වෙනසක් කරලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු කිරි - 390g
  • වතුර - 75ml
  • සීනි - 300g
  • බටර් - 25g
  • වියළි මිදී - 75g
  • වැනිලා - තේ හැඳි 01
  • කජු - 150g
  • රට ඉදි - 70g
  • සාදන ක්‍රමය:

    • උකු කිරි ටික අඩිය ඝනකම් භාජනයකට දා ගන්න. ටින් එකේ ඉතුරු වෙලා තියන කිරි ටිකත් වතුර ටිකක් එක්ක දිය කරලා මේකටම දා ගන්න.
    • කිරි එකට සීනි ටික දාලා කලවම් කරන්න.
    • මේ භාජනේ ලිපේ තියලා මද ගින්දරේ මේ කිරි ටික උණු කර ගන්න. මතක ඇතුව මේ කිරි ටික උණු කරන්න පටන් ගත්ත වෙලේ ඉදන්ම ලිපෙන් බා ගන්නකන්ම දිගටම හැඳි ගාන්න. දිගටම හැඳි ගෑවේ නැත්නම් කිරි උණු වෙනකොට ඒ ටික භාජනෙන් එලියට උතුරලා යයි. අනිත් දේ තමයි කිරි උණු වෙනකොට හරි ඉක්මනට අඩිය අල්ලනවා. මේ විදිහට අඩිය ඇල්ලුවොත් කළු පාට උණු කිරි කෑලි කිරි ටොෆී එකේ තැනින් තැන හිටිනවා.
    • කිරි ටික හොඳට උණු වෙලා ටිකක් ඝනකමට බුබුළු දානකොට බටර් ටික දා ගන්න.
    • මිශ්‍රණය තව ටිකක් උණු උනාට පස්සේ මේකට වැනිලා යි, පොඩියට කපා ගත්ත කජු ටිකයි, කපා ගත්ත රට ඉදි ටිකයි, වියළි මිදී ටිකයි දා ගන්න.
    • මිශ්‍රණය භාජනයේ වැඩිය ඇලෙන්නේ නැතුව තව ටිකක් ඝනකම් උනාට පස්සේ මේ ටික බටර් ගාගත්ත තැටියකට දා ගන්න.
    • මිශ්‍රණය හොඳට පැතලි කර ගෙන ගොඩක් ඝනකම් වෙන්න කලින් කෑලි වලට කපා ගන්න.
    Fruit & Nut Milk Toffee
    Fruit & Nut Milk Toffee
    Fruit & Nut Milk Toffee
    Fruit & Nut Milk Toffee
    Fruit & Nut Milk Toffee
    Fruit & Nut Milk Toffee

    Contact DailyLife.lk

    or drop an E-Mail to