French Toast Recipe

බිත්තර සහ කිරි සමඟින් මිශ්‍ර වූ පාන් ඔබේ උදෑසන ආහාර වේලට එක් කර ගතහොත් කොහොමට තියේද? මේකට අපි කියන්නේ French Toast කියලා. එය අතිශයෙන්ම රසවත්. බොහෝ ප්‍රංශ ජාතිකයින් මෙය අතුරුපසක් හැටියට භාවිතා කරන අතර ශ්‍රී ලාංකිකයින් මෙය උදෑසන ආහාර වේලක් ලෙස භාවිතා කරනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුදු පාන් පෙති 05
  • කිරි කෝප්ප 01 (08 oz)
  • බිත්තර 01
  • ලුණු තේ හැඳි ½
  • වැනිලා තේ හැඳි 01
  • කුරුඳු පොතු කුඩු තේ හැඳි ½
  • බටර්

සාදන ආකාරය:

  • ලොකු බෝල් එකකට බිත්තර කඩා දමා එයට කිරි එකතු කරන්න.
  • බිත්තර සහ කිරි හොඳින් මිශ්‍ර වන සේ කලවම් කරන්න.
  • එයට ලුණු, කුරුඳු පොතු කුඩු සහ වැනිලා දමා මිශ්‍ර කරන්න.
  • Nonstick pan එකක බටර් තවරා ගෙන එය මද ගින්නේ රත් කරන්න.
  • ඉහත කිරි මිශ්‍රණයේ පාන් පෙති පොඟවා ගන්න.
  • Nonstick pan එකමත පාන් කැබලි තබා පාන් කැබලි වල අඩිය රන්වන් පාට වනතුරු fry කරගන්න.
  • පාන් පෙත්තේ අනෙක් පැත්තද රන්වන් පාට වනතුරු fry කරගන්න.
  • අයිසින් සීනි වලින් මෙය සරසා ගන්න.
  • බටර් , පැණි හෝ කෙසෙල් සමග ඔබට මෙය පිළිගන්වන්නට පුළුවනි.
French Toast
Closeup view of French Toast
French Toast

Contact DailyLife.lk

or drop an E-Mail to