කන්න කන්න ආසා හිතෙන ෆ්‍රෙන්ච් චොක්ලට් මැකරෝන්ස්

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක් තමයි ෆ්‍රෙන්ච් මැකරෝන්ස්. මැකරෝන්ස් එක එක විදිහට හදා ගන්න පුළුවන් අපි අද හදන්න යන්නේ චොක්ලට් මැකරෝන්ස්. මේ පහල දාලා තියන ප්‍රමාණ වලින් ඔයාලට මැකරෝන්ස් 25ක් විතර හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: මැකරෝන්ස් බැටර් එක සඳහා

  • අයිසින් සීනි - 125g
  • ආමන්ඩ් පිටි - 50g
  • කොකෝවා පවුඩර් - 25g
  • බිත්තර සුදු මද - 65g
  • ලුනු පොඩ්ඩක්
  • කුඩු කර ගත්ත සීනි - 75g

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සඳහා

  • විපින් ක්‍රීම් - 120g
  • පොඩියට කපා ගත්ත චොක්ලට් - 120g

සාදන ක්‍රමය:

  • මුලින්ම අයිසින් සීනි ටිකයි, ආමන්ඩ් පිටි ටිකයි, කොකෝවා පවුඩර් ටිකයි එකට දාලා හලා ගන්න. ඔයාලගේ ආමන්ඩ් වල ටිකක් වැඩිපුර කෑලි වගේ තියනවා නම් එහෙම හලන්න කලින් මේ ඔක්කොම ටික එකට දාලා ටිකක් වෙලා ග්රයින්ඩ් කරලා අර ගන්න.
  • ඊළගට බිත්තර සුදු මද වලට ලුනු පොඩ්ඩක් දාලා ඒ ටික හොඳට බීට් කරන්න. බිත්තර සුදු මද ටික ටිකක් වෙලා බීට් උනාට පස්සේ මේකට සීනි ටිකෙන් ටික දදා තවත් ටිකක් වෙලා හොඳට බීට් කරන්න.
  • දැන් කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය මේ බිත්තර එකට ටිකෙන් ටික දදා කලවම් කරන්න.
  • මේ මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාලා ඒකට අගල් 1/2 සයිස් එකේ රවුම් නොසල් එකක් සෙට් කර ගන්න. දැන් මේ බැටර් එක අගලක වගේ සයිස් එකක රවුම් හැඩේකට බේකින් ට්‍රේ එකකට දා ගන්න. මේ රවුම් අතරේ අගලක විතර ප්‍රමානෙක ඉඩ තියන්නත් අමතක කරන්න එපා.
  • දැන් මේ බේකින් ට්‍රේ එක දෙතුන් පාරක් ටැප් කරලා බැටර් එකේ තියන වාත බුබුළු ටික යවා ගන්න. ඊලගට මේ රවුම් උඩ ටිකක් ඝනකම් තට්ටුවක් වගේ හැදෙනකම් විනාඩි 20-30 විතර මේ විදිහට තියලා තියන්න.
  • විනාඩි 30ට විතර පස්සේ මේ ටික 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 10-15 විතර බේක් කර ගන්න. බේක් උනාට පස්සේ මේ ටික හොඳටම නිමෙන්න තියලා බේකින් ට්‍රේ එකෙන් අයින් කර ගන්න.
  • දැන් චොක්ලට් මිශ්‍රණය හදා ගන්න චොක්ලට් ටිකයි විපින් ක්‍රීම් ටිකයි එකට දාලා දිය කර ගන්න. මැකරෝන්ස් ටික හදන්න කලින් මේ චොක්ලට් මිශ්‍රණය හොඳටම නිමිලා තියෙන්න ඕනේ.
  • ඊළගට එක මැකරෝන්ස් ෂෙල් එකක් උඩින් හදා ගත්ත චොක්ලට් ටිකක් දාගෙන තවත් ෂෙල් එකක් මේකට උඩින් තියා ගන්න. ඒ විදිහට එකට අලවන්න ඔයාලා එක සමාන කෑලි දෙකක් අර ගන්න.
  • මේ විදිහට හදා ගත්ත මැකරෝන්ස් ටික දවසක් විතර තියලා කන්න ගත්තහම තමයි රස වැඩි.
  • French Chocolate Macarons
    French Chocolate Macarons
    French Chocolate Macarons
    French Chocolate Macarons
    French Chocolate Macarons
    French Chocolate Macarons
    French Chocolate Macarons

    Contact DailyLife.lk

    or drop an E-Mail to