වැඩි වැඩ නැති ප්‍රංශ චොක්ලට් කේක්

චොක්ලට් කේක් නම් ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නෑනේ. මේ තියෙන්නෙත් තවත් රසම රස චොක්ලට් කේක් එකක්. මේ චොක්ලට් කේක් හදන විදිහත් මම මීට කලින් හදපු චොක්ලට් ලාවා කේක් රෙසිපි එකට ගොඩක්ම සමානයි. එකම වෙනසකට තියෙන්නේ අපි මේ කේක් එක ටිකක් ලොකු පෑන් එකක වැඩි වෙලාවක් බේක් කරන හින්දා කේක් එක ඇතුලේ ලාවා ගතිය හිටින්නේ නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර - 04
  • ලුනු සහිත බටර් - 150g
  • සෙමි ස්වීට් චොක්ලට් - 200g
  • සීනි - 135g
  • වැනිලා - තේ හැඳි 01
  • පාන් පිටි - 60g
  • අයිසිං සීනි
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බටර් ටිකයි චොක්ලට් ටිකයි එකට දාලා දිය කර ගන්න. ඔයාලට මේක මයික්‍රෝවේව් එකක දාලා හරිම ලේසියෙන් දිය කර ගන්න පුළුවන්. මේ ටික හොඳටම දිය කර ගත්තාට පස්සේ මේක කාමර උෂ්ණත්වයට එනකන් නිමෙන්න තියන්න.
  • ඊළගට සීනි ටිකයි බිත්තරයි එකට දාලා බීට් කරන්න. මේ මිශ්‍රණය ටිකක් ඝනකම් වෙලා පාට අඩු වෙනකන් හොඳට බීට් කරන්න.
  • දැන් වැනිලා ටික එකතු කර ගන්න.
  • කලින් හදා ගත්ත චොක්ලට් මිශ්‍රණය මේ බිත්තර මිශ්‍රණයට දාලා හොඳට කලවම් කර ගන්න.
  • අන්තිමටම පිටි ටික දාලා කලවම් කරන්න.
  • දැන් මේ කේක් බැටර් එක බේකින් පෑන් එකකට දාලා 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 25ක් 30ක් විතර බේක් කර ගන්න.
  • බේක් උනාට පස්සේ කේක් එක විනාඩි 10ක් විතර නිමෙන්න තියලා ඒකට උඩින් අයිසිං සීනි ටිකක් ඉහලා ලස්සන කර ගන්න.
  • French Chocolate Cake
    French Chocolate Cake
    French Chocolate Cake
    French Chocolate Cake
    French Chocolate Cake
    French Chocolate Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to