රසම රස මාළු පැටිස් ඉක්මනින් හදමු

හවස තේ වෙලාවට ගෙදරදීම හදපු උණු උණු පැටිස් එකක් කන්න තියනවනම් කොහොමද. ඔන්න එහෙනම් අද තියනවා මාළු පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය : පිරවුම සදහා

  • පොඩි කරගත්ත ටින් මාළු - ටින් 01
  • තම්බා පොඩි කරගත්ත අල - ගෙඩි 01
  • ලොකු ළුණු - 01
  • කෑලි මිරිස් - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
  • අමු මිරිස් - 02
  • ලුනු - තේ හැඳි 1/2
  • කරදමුංගු - 03
  • කරාබු නැටි - 02
  • කුරුදු පොතු කීපයක්
  • කරපිංචා
  • පොල් තෙල් (පිරවුමට (මේස හැඳි 02) සහ පැටිස් බැදීමට)

අවශ්‍ය ද්‍රව්‍ය : පිටි මෝලිය සදහා

  • පාන් පිටි - 250g
  • මාගරින් - 100g
  • ලුනු - තේ හැඳි 1/2
  • කූල් වතුර - මේස හැඳි 6-7
  • බිත්තර කහ මද - 01

සාදන ක්‍රමය:

  • පිටි මෝලිය හදා ගන්න පිටියි ලුනුයි බෝල් එකකට දාලා කලවම් කරන්න.
  • මේකට මාගරින් හා බිත්තර කහ මදය එකතු කරන්න. මේ පිටි ටික පාන් කුඩු වගේ වෙනකන් ඇගිලි තුඩු වලින් මාගරින් හා බිත්තර කහ මදය එක්ක හොඳින් මිශ්‍ර කරන්න.
  • පිටි ටික පාන් කුඩු වගේ උනහම වතුර ටික ටික දදා කලවම් කරන්න. මේ පිටි මෝලිය සිනිදුවට බෝල් එක වටේ ඇලෙන්නේ නැති මට්ටමට එනකන් එනකන් නීඩ් කර ගන්න.
  • දැන් මේ පිටි මෝලිය කවර් කරලා විනාඩි 30ක් විතර ශීතකරණයේ තියන්න.
  • මේ අතරතුරේදී අපි පැටිස් එකේ පිරවුම හදා ගම්මු.
  • ඒකට තෙල් ටිකක් රත් කරලා හීනියට කපා ගත්ත ළුණු, අමු මිරිස් හා කරපිංචා එකතු කරන්න.
  • රස අනුව ලුනු ටිකකුත් එකතු කරන්න.
  • ඊළගට කෑලි මිරිස් ටික දාගන්න.
  • කරදමුංගු, කරාබු නැටි හා කුරුදු පොතු ටික හොඳට කුඩු කරගෙන මේකට දා ගන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා මේක ලිපෙන් අයින් කර ගන්න.
  • දැන් පොඩි කර ගත්ත ටින් මාළු ටික දාගන්න.
  • මාළු ටික හොඳට කලවම් කරලා ගම්මිරිස් ටික දාන්න. මේ වෙලාවේදී ඔයාලාගේ රසට ලුනු පදමට තියනවාද කියලත් බලන්න.
  • අන්තිමට පොඩි කරගත්ත අල ටික දාලා හොඳට කලවම් කර ගන්න.
  • දැන් අපි පැටිස් හදන්න පටන් ගම්මු.
  • පිටි මෝලිය අරගෙන ඒක දෙකට කපලා එක කොටසක් ආයෙත් ෆ්‍රිජ් එකට දාන්න. නැත්නම් මෝලිය ගොඩක් වෙලා එළියේ තියනකොට රස්නෙට මාගරින් දිය වෙලා පිටි මෝලිය ටිකක් ඇදෙන්න බලනවා.
  • දැන් මේ පිටි මෝලිය රෝලර් එකකින් හොඳට ෆ්ලැට් කර ගෙන, කුකී කටර් එකකින් රවුම් කපා ගන්න.
  • කපා ගත්ත රවුමකට මැද්දෙන් හදාගත්ත පිරවුම ටිකක් තියලා රවුමේ එක දාරයක් අනෙක් දාරේ උඩට තියලා පැටිස් එක නමන්න.
  • දැන් ඔයාලාගේ ඇගිලි තුඩු වලින් හෙමින් සැරේ දාරය සීල් කර ගන්න.
  • ඊළගට ගෑරුප්පුවක් ආධාරයෙන් දාරය තව ටිකක් ලස්සනට සීල් කර ගන්න.
  • ඔයාලාගේ පිටි මෝලිය ඉවර වෙනකන් මේ විදිහට පැටිස් හදා ගන්න.
  • ඊළගට අපි මේ පැටිස් ටික බැද ගන්න ඕනේ. ඒකට තෙල් ටිකක් හොඳට රත් කරලා හදා ගත්ත පැටිස් පරිස්සමට මේ තෙල් එකට දා ගන්න.
  • පැටිස් එකේ දෙපැත්තම රන්වන් පාට වෙනකන් මේ පැටිස් ටික බැදගන්න.
  • මේ පැටිස් එක උණු උනුවෙන්ම කනකොට තමයි වැඩියෙන්ම රස.
Making Patties Dough
Patties Flour Dough
Fish Patties on Kitchen Board
Fish Patties on Kitchen Board
Fish Patties before frying
Fish Patties before frying
Fish Patties Filling
Fried Fish Patties
Closeup view of Fish Patties
Sri Lankan Fish Patties
Sri Lankan Fish Patties

Contact DailyLife.lk

or drop an E-Mail to