කටට රසට මාළු කට්ලට්

ලංකාවේ අපේ විදිහට ටිකක් සැරට හදපු මාළු කට්ලට් එකක් තේ වෙලාවකට හරි බත් එක්ක හරි කන්න තිබ්බොත් කොහොමද? එහෙනම් අපි අද රසට මාළු කට්ලට් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බපු අල - 300g
  • ටින් මාළු - 250g
  • බිත්තර - 02
  • පාන් කුඩු - 100g
  • අමු මිරිස් - 02
  • ළුණු - 100g
  • කරපිංචා
  • රස පදමට ලුනු
  • ගම්මිරිස් කුඩු - තේ හැදි 1/2
  • නාරං / දෙහි
  • කට්ලට් බැදීමට තෙල්

සාදන ක්‍රමය:

  • තම්බාගත්ත අල ටික සුද්ද කරලා හොඳට කෑලි හිටින්නේ නැති වෙන්න පොඩි කර ගන්න. මේකට අර්තාපල් වෙනුවට තම්බාගත්ත අළු කෙසෙල් හරි කිරි අල හරි දාගන්නත් පුළුවන්.
  • ටින් මාළු ටිකත් මේ විදිහට හොඳට පොඩි කර ගන්න.
  • අමු මිරිස් ටිකයි, ළුණු ටිකයි, කරපිංචා ටිකයි පොඩියට කපා ගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා මේ කපා ගත්ත ළුණු මිරිස් ටික ටිකක් බැද ගන්න.
  • මේ ටික ටිකක් බැදීගෙන එනකොට රස පදමට ලුනුයි ගම්මිරිසුයි දා ගන්න.
  • ඊළගට සැමන් ටික දාගන්න.
  • දැන් මේකට නාරං හරි දෙහි හරි ටිකක් දාන්න.
  • අන්තිමට පොඩි කර ගත්ත අල ටික දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ කට්ලට් මිශ්‍රණය ලිපෙන් අයින් කරලා ටිකක් වෙලා නිමෙන්න තියන්න.
  • මිශ්‍රණය නිමුනාට පස්සේ සාමාන්‍ය තරමේ කට්ලට් බෝල ටිකක් හදා ගන්න. අපි මේ ගත්ත ටිකෙන් සාමාන්‍ය තරමේ කට්ලට් 20-25ක් විතර හදා ගන්න පුළුවන්.
  • කට්ලට් ටික හදලා ඉවර උනාට පස්සේ බිත්තර දෙක පොඩි බෝල් එකකට දාලා ටිකක් බීට් කර ගන්න.
  • දැන් කට්ලට් ටික ඉස්සෙලාම බිත්තර වල තවරලා ඊළගට පාන් කුඩු වල තවරා ගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් උනහම කට්ලට් ටික දාලා හොඳට රන්වන් පාට වෙනකන් කට්ලට් ටික ගැඹුරු තෙලේ බැද ගන්න.
Fish Cutlet Balls before frying
Cutlet Balls on a Plate
Cutlet with Bread Crumbs
Fish Cutlet Dish
Fish Cutlet
Sri Lankan Fish Cutlet

Contact DailyLife.lk

or drop an E-Mail to