බිත්තර කන්නේ නැති අයට කේක් එකක්

බිත්තර කන්නේ නැති අයට රසට හදාගෙන කන්න පුළුවන් කේක් එකක් තමයි මේ. ස්ට්‍රෝබෙරි ජෑම්, මී පැණි, ස්පොන්ජ් කේක් ඔක්කොම එකතු උන මේ කේක් එක හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් මිශ්‍රණය සදහා

  • ටින් කිරි - 150ml
  • අයිසින් සීනි - 130g
  • මී පැණි - 150g
  • දිය කර ගත්ත බටර් - 150g
  • පාන් පිටි - 300g
  • පිටි කිරි - 20g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • බේකින් සෝඩා - තේ හැඳි 1/2
  • නැවුම් කිරි - 200ml
  • අවශ්‍ය ද්‍රව්‍ය: මී පැණි සිරප්

  • උණු වතුර - 60ml
  • අයිසින් සීනි - 20g
  • මී පැණි - මේස හැඳි 02
  • අවශ්‍ය ද්‍රව්‍ය: ස්ට්‍රෝබෙරි මිශ්‍රණය සදහා

  • ස්ට්‍රෝබෙරි ජෑම් - මේස හැඳි 04
  • මී පැණි - මේස හැඳි 02
  • සාදන ක්‍රමය:

    • බිත්තර නොදා හදන හින්දා අපි මේකට දාන්නේ ටින් කිරි. මුලින්ම ටින් කිරි ටිකයි අයිසින් සීනි ටිකයි එකට දාලා කලවම් කරන්න.
    • මී පැණි සහ දිය කර ගත්ත බටර් ටික දාගන්න.
    • බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ පිටි කිරි ටික දා ගන්න.
    • ඊළගට පිටි ටිකෙන් ටික දදා කලවම් කරන්න. පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ කිරි ටික දාගන්න.
    • දැන් මේ කේක් බැටර් එක බේකින් ට්‍රේ එකකට දාලා 180C කට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 35-40 විතර බේක් කර ගන්න. බේක් උනාට පස්සේ කේක් එක නිමෙන්න තියන්න.
    • මී පැණි සිරප් එක හදා ගන්න, මී පැණි ටික උණු වතුරත් එක්ක දිය කර ගන්න.
    • කේක් එක උඩට දාගන්න, ස්ට්‍රෝබෙරි ජෑම් ටිකකුත් මී පැණි එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
    • කේක් උඩ පිම්බිලා තියන ටික කපලා කේක් එක මට්ටම් කර ගන්න. දැන් කේක් එක උඩට හදා ගත්ත මී පැණි සිරප් එක දා ගන්න.
    • අන්තිමට මී පැණිත් එක්ක කලවම් කර ගත්ත ස්ට්‍රෝබෙරි ජෑම් ටික මේ කේක් එකට උඩින් හැම තැනටම දා ගන්න.
    • කෑලි වලට කපලා රස විදින්න.
    Eggless Honey Cake
    Eggless Honey Cake
    Eggless Honey Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to