බිත්තර නැති චොක්ලට් කේක්

අද රෙසිපි එක විශේෂයෙන්ම බිත්තර කන්නේ නැති අයටයි. බිත්තර දාන්නේ නැතුව ටින් කිරි වලින් හදා ගන්න මේ කේක් එක ඔයාලා හදලා බලන්නම වටිනා කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ටින් කිරි - 195g
  • පාන් පිටි - 128g
  • සීනි - 35g
  • මාගරින් - 110g
  • වැනිලා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • කොකෝවා පවුඩර් - 35g
  • ලුනු - තේ හැඳි ¼

සාදන ක්‍රමය:

  • ටින් කිරි ටිකයි මාගරින් ටිකයි පෑන් එකකට දාලා මද ගින්දරේ ටිකක් වෙලා රත් කර ගන්න.
  • මේ කිරි ටික බුබුළු දානකන් රත් කරන්න ඕනේ නෑ. කිරි ටික මාගරින් ටිකත් එක්ක හොඳට දිය වෙනකන් රත් උනහම ඇති.
  • මේ කිරි ටික බෝල් එකකට දාලා සීනි ටිකත් එක්ක කලවම් කර ගන්න.
  • වැනිලා ටිකයි ලුනු ටිකයි එකතු කර ගන්න.
  • පිටි ටිකයි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි හොඳට හලලා කිරි වලට දාගන්න. පිටි ටික දාද්දි ටින් කිරි ටික නිමිලා තියෙන්න ඕනේ. ගොඩාක් රස්නේ තියෙද්දී පිටි දාගන්න එපා.
  • පිටි ටික කිරි මිශ්‍රනයත් එක්ක කලවම් උනාට පස්සේ මේ බැටර් එක බේකින් ට්‍රේ එකකට දාගන්න.
  • මේ කේක් එක 170°C ක උෂ්ණත්වයක විනාඩි 30ක් විතර බේක් කර ගන්න.
  • කේක් එක ලස්සන කර ගන්න උඩින් ටින් කිරි හෝ චොක්ලට් ටොපින් ටිකක් දාගන්න.
Eggless Chocolate Cake
Side view of Eggless Chocolate Cake
Top view of Eggless Chocolate Cake
Piece of Eggless Chocolate Cake
Piece of Eggless Chocolate Cake
Piece of Eggless Chocolate Cake

Contact DailyLife.lk

or drop an E-Mail to