බිත්තර කන්නේ නැති අයට රස කේක් එකක්

කොයි විදිහට කේක් හැදුවත් අපි ගොඩ දෙනෙක් කැමති බටර් කේක් කන්නනේ. මේ තියෙන්නේ බිත්තර කන්නේ නැති අයට රසට හදාගෙන කන්න පුළුවන් කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නැවුම් කිරි - 160ml
  • පාන් පිටි - 150g
  • බේකින් සෝඩා - තේ හැඳි 1/3
  • බේකින් පවුඩර් - තේ හැඳි 1
  • බටර් - 45g
  • පවුඩර් සීනි - 50g
  • වැනිලා - තේ හැඳි 1
  • ටින් කිරි - 155g
  • සාදන ක්‍රමය:

    • මුලින්ම පිටියි, බේකින් සෝඩා ටිකයි, බේකින් පවුඩර් ටිකයි එකට දාලා හලා ගෙන පැත්තකින් තියා ගන්න.
    • ඊළගට වෙනමම බෝල් එකක බටර් ටිකයි, සීනි ටිකයි එකට දාලා ක්‍රීම් ගතියට එනකන් හොඳට කලවම් කරන්න.
    • බටර් ටිකයි සීනියි හොඳට කලවම් උනාට පස්සේ වැනිලා ටිකයි ටින් කිරි ටිකයි එකතු කර ගන්න.
    • දැන් කලින් හදා ගත්ත පිටි මිශ්‍රණයයි නැවුම් කිරියි ටික ටික මේ මිශ්‍රණයට දාලා කලවම් කරන්න.
    • බැටර් එක හදා ගෙන ඉවර උනාට පස්සේ මේ බැටර් එක බේකින් ට්‍රේ එකකට දාගෙන 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 35-40 විතර බේක් කර ගන්න.
    Eggless Butter Cake
    Eggless Butter cake
    Eggless Butter Cake
    Eggless Butter Cake
    Eggless Butter Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to