හිතුන ගමන් හදන් කන්න බිත්තර පරාටා

පරාටා කියන්නේ ඉන්දියාවේ හරිම ජනප්‍රිය කෑමක්. මේ බිත්තර පරාටා එක බිත්තර ඔම්ලට් එක උඩින් දාලා හරි පරාටා එකට පුරවලා හරි හදා ගන්න පුළුවන්. උදේකට රෑකට ඔයාලාට හිතුන ගමන් ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑමක් තමයි මේ. මේ පහල තියන ප්‍රමාණ වලින් අපිට පුළුවන් පරාටා 04ක් හදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය: පිටි මිශ්‍රණය සදහා

  • පාන් පිටි - 300g
  • ලුනු - තේ හැඳි 01
  • රස්නේ වතුර - 225ml
  • පොල් තෙල් - තේ හැඳි 01
  • දියකර ගත්ත බටර් / ගී / තෙල්
  • අවශ්‍ය ද්‍රව්‍ය: බිත්තර ඔම්ලට්

  • බිත්තර - 04
  • ලුනු - තේ හැඳි 1/2
  • ගම්මිරිස්‌ කුඩු - තේ හැඳි 01
  • කෑලි මිරිස් - තේ හැඳි 1/2
  • ලොකු ළුණු - 1/2
  • අමු මිරිස් - කරල් 02
  • පොඩි තක්කාලි - 01
  • කරපිංචා
  • සාදන ක්‍රමය:

    • පිටි වලට ලුනු ටිකක් දාලා කලවම් කරලා ඒකට රස්නේ වතුර ටික ටික දදා කලවම් කරන්න. පිටි ටික අතේ ඇලෙන්නේ නැති ගානට කලවම් කර ගත්තාට පස්සේ බෝල් එකක් වටේට තෙල් ටිකක් ගාලා පිටි මිශ්‍රණය වටේටත් තෙල් ගාලා කවර් කරලා විනාඩි 10ක් විතර තියලා තියන්න.
    • පිටි මිශ්‍රණය හරි යනකන් බිත්තර මිශ්‍රණය හදා ගන්න. ඒකට බිත්තර වලට හීනියට කපා ගත්ත කරපින්චයි, තක්කලියි, අමු මිරිසුයි, කපා ගත්ත ළුණුයි දා ගන්න. මේකටම කෑලි මිරිසුයි, ලුනුයි, ගම්මිරිස් කුඩුයි දාලා මේ ඔක්කොම ටික හොඳට කලවම් කරන්න.
    • විනාඩි 10ට පස්සේ පිටි මිශ්‍රණය තවත් විනාඩි 2ක් විතර නීඩ් කර ගන්න.
    • දැන් මේ පිටි මිශ්‍රණය පිටි ඉහ ගත්ත බෝර්ඩ් එකක් උඩට දාලා ඒක සමාන කොටස් 4ට කපා ගන්න. මේ කොටස් වලින් බෝල 4ක් හදා ගන්න.
    • ඊළගට හදා ගත්ත එක බෝලයක් අරගෙන රෝලින් පින් එකකින් හොඳට ෆ්ලැට් කර ගන්න. දැන් මේක උඩින් තෙල් ටිකක් ගාගෙන ඒක උඩින් පිටි ටිකක් ඉහ ගන්න. ඔයාලට මේකට තෙල් වෙනුවට බටර් හරි ගී හරි අර ගන්නත් පුළුවන්.
    • දැන් මේක රෝල් කරලා ඒක උඩිනුත් තෙල් ටිකක් ගාලා පිටි ටිකක් ඉහ ගන්න. දැන් මේක ආයෙත් රෝල් කරන්න.
    • ඔක්කොම ටික මේ විදිහට පිටියි තෙලුයි ගගා රෝල් කර ගන්න. දැන් මේ හදා ගත්ත පිටි බෝලයක් අර ගෙන ඒක ආයෙත් පරාටා හැඩේට රවුම් කර ගන්න.
    • ඔක්කොම ටික පරාටා හැඩේට රවුම් කර ගත්තාට පස්සේ පෑන් එකක් ලිපේ තියලා මේ පරාටා ටික උයා ගන්න. පරාටා එකේ එක පැත්තක් විනාඩියක් විතර උයාගෙන මේක අනිත් පැත්ත හරවන්න. මේ පරාටා එක වටෙන් තද කර කර උයා ගන්න. නැත්නම් මේක පිම්බෙනවා. දැන් පරාටා එකේ උඩ තියන පැත්තේ තෙල් ටිකක් ගාලා ආයෙත් අනිත් පැත්ත හරවා ගන්න. මේ විදිහට පරාටා එකේ දෙපැත්තේම සැරින් සැරේට තෙල් ගගා දෙපැත්ත දදා පරාටා එකේ තැනින් තැන රන්වන් පාට වෙනකන් උයා ගන්න.
    • පරාටා ටික හදා ගත්තාට පස්සේ ආයෙත් පෑන් එකේ තෙල් ටිකක් ගාලා කලින් හදා ගත්ත බිත්තර මිශ්‍රණයෙන් 1/4ක් දා ගන්න.
    • දැන් මේ ඔම්ලට් එක උඩින් හදා ගත්ත පරාටා එකක් තියලා පරාටා එක බිත්තර වල ඇලෙන්න තද කරන්න. බිත්තර ඔම්ලට් එක පරාටා එකේ ඇලුනාට පස්සේ මේක පෑන් එකෙන් අයින් කර ගන්න.
    • මේ පරාටා එක රස්නේ පිටින්ම කද්දී තමයි රස වැඩි.
    Egg Paratha
    Egg Paratha
    Egg Paratha
    Egg Paratha
    Egg Paratha

    Contact DailyLife.lk

    or drop an E-Mail to