ඉක්මනින් හදන්න බිත්තර ෆ්‍රයිඩ් රයිස්

හරිම ලේසියෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන් මේ බිත්තර ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසයි. ඔයාලා වැඩි වෙලාවක් කුස්සියේ උය උයා ඉන්න කැමති නැති කෙනෙක් නම් එහෙම මෙන්න ඔයාලාට නියම රෙසිපි එක.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර - 04
  • කැරට් - 01
  • ලීක්ස් / ළුණු කොළ - 150g
  • ලොකු ළුණු - 01
  • මාගරින් - මේස හැඳි 03
  • ඉඟුරු
  • සුදු ළුණු - බික් 5 - 6
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 02
  • කරදමුංගු - 04
  • කරාබු නැටි - 04
  • කුරුදු පොතු
  • රම්පේ
  • කරපිංචා
  • අමු මිරිස් - 02
  • ලුනු - තේ හැඳි 02
  • කෑලි මිරිස් - තේ හැඳි 1/2
  • උයා ගත්ත බත්

සාදන ක්‍රමය:

  • මුලින්ම මේ බත් එක හදා ගන්න ඕනේ ඔක්කොම එළවලු ටික හීනියට කපා ගන්න.
  • ඉඟුරු ටිකයි සුදු ළුණු ටිකයි එකට දාලා කොටා ගන්න.
  • කරදමුංගු කරාබු නැටි ටිකත් කොටා ගන්න.
  • බිත්තර ටික පෑන් එකකට දාලා ඒකට ගම්මිරිස් කුඩුයි ලුනු කුඩු ටිකකුයි දා ගන්න. මද ගින්දරේ දිගටම හැඳි ගාන ගමන් මේ බිත්තර ටික ස්ක්‍රම්බල් කර ගන්න.
  • මාගරින් ටික පෑන් එකකට දාලා මේ මාගරින් ටික රත් වෙනකොට ඒකට තලා ගත්ත ඉඟුරු සුදු ළුණු ටිකයි, කරදමුංගු කරාබුනැටි ටිකයි, කුරුදු පොතුයි දා ගන්න.
  • දැන් රම්පේ කරපිංචා ටිකයි, ළුනුයි අමු මිරිස් ටිකයි දා ගන්න.
  • කෑලි මිරිස්, ලුනු, ගම්මිරිස් කුඩු දා ගන්න.
  • මේ මිශ්‍රණයට කපා ගත්ත කැරට් ටික දාලා කැරට් ටික පොඩ්ඩක් මෘදු වෙනකන් විනාඩියක් දෙකක් විතර තියන්න.
  • ලීක්ස් ටික කලවම් කරලා ඔයාලගේ රස පදමට ලුනු ගම්මිරිස් තියනවාද කියලා බලන්න.
  • ඊළගට හදා ගත්ත බිත්තර ටික දා ගන්න.
  • අන්තිමට උයා ගත්ත බත් ටික දාලා මිශ්රණයත් එක්ක හොඳට කලවම් කරන්න. මේකට බත් උයද්දී ඔයාලා බත් එකට මාගරින් ටිකක් හරි ගී ටිකක් හරි දා ගන්න. එතකොට බත් ඇට ටික එකට ඇලෙන්නේ නැතුව හොඳට වෙන් වෙලා හිටිනවා.
  • මේ රයිස් එකට අපි එළවලු ගොඩාක් දාලා තියන හින්දා වෙන මුකුත් නැතුව තනිකරම මේ බත් එක විතරක් උනත් කන්න පුළුවන්.
Egg Fried Rice
Close up view of Egg Fried Rice
Egg Fried Rice
Egg Fried Rice
Egg Fried Rice

Contact DailyLife.lk

or drop an E-Mail to