රසම රස බිත්තර කිරි හොදි

තම්බලා කන බිත්තර වලට රසම රස වෙනසක් කරමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බපු බිත්තර - 04
  • ලොකු ළුණු - 01
  • අමු මිරිස් - 03
  • සුදු ළුණු - බික් 04
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
  • තුනපහ කුඩු - තේ හැඳි 01
  • උළු හාල් - තේ හැඳි 1/2
  • කරපිංචා
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • රම්පේ
  • ලුනු - තේ හැඳි 01
  • උකු පොල් කිරි - කෝප්ප 1 1/2
  • තක්කාලි - 01
  • කුරුදු පොතු කීපයක්

සාදන ක්‍රමය:

  • ළුණු, තක්කාලි, අමු මිරිස් කරපිංචා කුරුදු පොතු, සුදු ළුණු, රම්පේ හා උකු පොල් කිරි ටික භාජනයකට දා ගන්න.
  • දැන් මේකට කහ කුඩු, උළු හාල්, තුනපහ කුඩු, ලුනු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා මේක ලිපේ තියන්න.
  • දැන් මේක පොල් කිරි ටික හොඳට ඉදෙනකන් උයා ගන්න. මේක ලිපේ තිබ්බට පස්සේ අපි දිගටම හැඳි ගාන්න ඕනේ. නැත්නම් මේ කිරි හොදි ටික කැටි ගැහෙනවා.
  • පොල් කිරි ටික හොඳට ඉදුනට පස්සේ දෙකට කපා ගත්ත බිත්තර ටික මේකට එකතු කර ගන්න.
  • හෙමින් හැඳි ගාන ගමන් මේක තව ටිකක් වෙලා උයා ගන්න.
Egg Curry
Closeup view of Egg Curry
Close up view of Egg Curry

Contact DailyLife.lk

or drop an E-Mail to