රසම රස බිත්තර කිරි හොදි
තම්බලා කන බිත්තර වලට රසම රස වෙනසක් කරමුද?
අවශ්‍ය ද්‍රව්‍ය:
- තම්බපු බිත්තර - 04
- ලොකු ළුණු - 01
- අමු මිරිස් - 03
- සුදු ළුණු - බික් 04
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
- තුනපහ කුඩු - තේ හැඳි 01
- උළු හාල් - තේ හැඳි 1/2
- කරපිංචා
- කහ කුඩු - තේ හැඳි 1/2
- රම්පේ
- ලුනු - තේ හැඳි 01
- උකු පොල් කිරි - කෝප්ප 1 1/2
- තක්කාලි - 01
- කුරුදු පොතු කීපයක්
සාදන ක්‍රමය:
- ළුණු, තක්කාලි, අමු මිරිස් කරපිංචා කුරුදු පොතු, සුදු ළුණු, රම්පේ හා උකු පොල් කිරි ටික භාජනයකට දා ගන්න.
- දැන් මේකට කහ කුඩු, උළු හාල්, තුනපහ කුඩු, ලුනු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න.
- මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා මේක ලිපේ තියන්න.
- දැන් මේක පොල් කිරි ටික හොඳට ඉදෙනකන් උයා ගන්න. මේක ලිපේ තිබ්බට පස්සේ අපි දිගටම හැඳි ගාන්න ඕනේ. නැත්නම් මේ කිරි හොදි ටික කැටි ගැහෙනවා.
- පොල් කිරි ටික හොඳට ඉදුනට පස්සේ දෙකට කපා ගත්ත බිත්තර ටික මේකට එකතු කර ගන්න.
- හෙමින් හැඳි ගාන ගමන් මේක තව ටිකක් වෙලා උයා ගන්න.