වෙනස් විදිහේ බිත්තර රයිස් එකක්

අපි හැමදාම බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්නේ එකම විදිහටනේ. මේ පාර මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරලා රයිස් එකක් හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උයා ගත්ත බත් - 850g
  • ලොකු බිත්තර - 04
  • කපා ගත්ත ලොකු ළුණු - 1/2
  • කපා ගත්ත කැරට් - 01
  • කපා ගත්ත ලීක්ස් කොළ - 02
  • තෙල් - මේස හැඳි 04
  • රස පදමට ලුනු හා ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස් - තේ හැඳි 01
  • සුදු ළුණු - බික් 04 - 05
  • කරපිංචා
  • කුකුල් මස් හෝ සොසේජස් (අනිවාර්ය නැත)

සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තර සුදු මදෙයි කහ මදෙයි වෙන් කර ගෙන කහ මදය ටිකක් වෙලා බීට් කර ගන්න.
  • බීට් කර ගත්ත කහ මදය උයා ගත්ත බත් ටිකත් එක්ක හොඳට කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • දැන් රයිස් එක හදන පෑන් එකට තෙල් මේස හැඳි 02ක් දාලා රත් කරගෙන එකට කපා ගත්ත සුදු ළුණු ටික දා ගන්න.
  • සුදු ළුණු ටික බැදීගෙන එනකොට පොඩියට කපා ගත්ත කුකුල් මස් ටිකක් හරි සොසේජස් කෑලි ටිකක් හරි දා ගන්න. කුකුල් මස් හරි සොසේජස් හරි දාන එක අනිවාර්ය නෑ. ඔයාලා ලග තියනවනම් දා ගන්න.
  • දැන් කරපින්චයි, රස පදමට ලුනුයි, ගම්මිරිස් කුඩුයි, කෑලි මිරිස් ටිකයි දා ගන්න.
  • ඊළගට කපා ගත්ත කැරට් ටිකයි, ළුණු ටිකයි දාලා ටිකක් වෙලා උයා ගන්න.
  • දැන් මේ එළවළු මිශ්‍රණය පෑන් එකෙන් අයින් කර ගන්න.
  • ඊළගට ආයෙත් තෙල් මේස හැඳි 02ක් පෑන් එකට දාලා රත් කරලා කලින් බිත්තරත් එක්ක කලවම් කර ගත්ත බත් ටික මේකට දාලා මද ගින්දරේ කලවම් කර ගන්න.
  • මේ බත් එකටම බිත්තර සුදු මද ටික දාලා මද ගින්දරේ කලවම් කරන්න.
  • බිත්තර ටික හොඳට උයා ගත්තට පස්සේ කලින් හදා ගත්ත එළවළු මිශ්‍රණයයි, කපා ගත්ත ලීක්ස් කොළ ටිකයි දාලා හොඳට කලවම් කරලා ලිපෙන් බා ගන්න.
  • Egg Fried Rice
    Egg Fried Rice
    Egg Fried Rice

    Contact DailyLife.lk

    or drop an E-Mail to