මේක පීසා එකක් නම් නෙමේ

හරිම ඉක්මනින් ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ උදේ කෑම එක ටිකක් පීසා එකක් වගේ පෙනුනාට පීසා එකක් නම් නෙමේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • චිකන් සොසේජස් - 5-6
  • බටර් - මේස හැඳි 01
  • ළුණු කොළ - 02
  • බිත්තර - 04
  • පොඩි තක්කාලි - 03
  • සවර් ක්‍රීම් / යෝගට් - මේස හැඳි 01
  • රස පදමට ලුනු සහ ගම්මිරිස්
  • පිටි - මේස හැඳි 01
  • මොසරැලලා චීස් - 120g

සාදන ක්‍රමය:

  • මුලින්ම සොසේජස් ටික අගල් 1/2 වගේ කෑලි වලට කපා ගන්න.
  • අපි මේක හදන්න අර ගන්න ඕනේ තැටි පෑන් එකක්. දැන් මේ පෑන් එක හැමතැනම හොඳට බටර් ගාලා මේක උඩින් කපා ගත්ත සොසේජස් කෑලි ටික තියා ගන්න.
  • ඊළගට ළුණු කොළ ටිකයි තක්කාලි ටිකයිත් පොඩියට කපා ගෙන පොඩි බෝල් එකකට දා ගන්න. මේකටම බිත්තරයි, සවර් ක්‍රීම් ටිකයි, රස පදමට ලුනුයි ගම්මිරිස් කුඩු ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ බිත්තර මිශ්‍රණය සොසේජස් ටික උඩින් දාගෙන පෑන් එක ලිපේ තියලා විනාඩි 02ක් විතර උයා ගන්න.
  • ඊළගට චීස් ටික මේකට උඩින් දාලා පෑන් එක වහලා තවත් විනාඩි 05ක් විතර උයා ගන්න.
  • ඉක්මනින්ම හදා ගන්න පුළුවන් මේ උදේ කෑම එක හරිම රසයි.
  • Easiest Breakfast Ever
    Easiest Breakfast Ever
    Easiest Breakfast Ever
    Easiest Breakfast Ever
    Easiest Breakfast Ever
    Easiest Breakfast Ever

    Contact DailyLife.lk

    or drop an E-Mail to