හාල්මැස්සන් තෙම්පරාදුව

පහසුවෙන් හා ඉතා රසවත්ව ඉක්මනින් පිළියෙල කරගත හැකි ශ්‍රී ලාංකික ආහාරයක් තමයි හාල්මැස්සන් තෙම්පරාදුව කියන්නේ. බත්, පාන්, ආප්ප වගේ ආහාර එක්ක පිළිගන්වන්න පුළුවන්. ටිකක් සැරට තක්කාලි සෝස් ටිකක් එහෙම දාල හාල් මැස්සන් තෙම්පරාදුව හැදුවාම රස කොහොමද කියලා කාලා බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල්මැස්සන් 100 g
  • කපාගත් රතුලූනු 50 g
  • කෑලි මිරිස් මේස හැඳි 2 යි
  • පොල්තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 4 යි
  • කහ කුඩු මේස හැදි ½
  • කරපිංචා කොළ 05
  • තලාගත් සුදු ලූණු මේස හැඳි 01
  • ලුණු කුඩු රස අනුව
  • කුඩා ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 03
  • සෝයා සෝස් මේස 01

සාදන ආකාරය

  • හාල් මැස්සන් සුද්ද කර හොඳින් සෝදා ගන්න.
  • සෝස් පෑන් එකක් ලිප තබා තෙල් ටිකක් දමා රත් කරන්න. තෙල් ටික රත් වූ පසු සෝදාගත් හාල්මැස්සන් දමන්න . රන්වන් පාට වන තුරු හාල් මැස්සන් ටික බැදගන්න.
  • බැදුණු හාල්මැස්සන් ටික ඉවතට ගෙන නැවතත් සෝස් පෑන් එක ලිපතබා තක්කාලි හැර අනිකුත් සියලුම ද්‍රව්‍යයන් එකතු කරන්න.
  • ලුණු සියල්ල රන්වන් පාට වන තුරු හොඳින් හැඳිගාමින් බැදගන්න.
  • දැන් තක්කාලි එකතු කරන්න.
  • බැදගත් හාල් මැස්සන් මිශ්‍රණයට එකතු කරගනිමින් හොඳින් කලවම් කරන්න. රස අනුව ලුනු කුඩු සෝයා සෝස් එකතු කරන්න.
Dried Sprats Tempered
Dried Sprats Tempered
Dried Sprats Tempered

Contact DailyLife.lk

or drop an E-Mail to